මීදුම අතරින් හිරු රැස් ගලා ආවේ ය.
දින කිහිපයක් වන විට සුමුදු හා පුංචි මහත්තය මිතුරන් උනේ සුමුදුගෙ හිතේ තිබු තනිකම නැති වෙද්දී..
උදසනින්ම සුමුදු පාත්තියක් සදමින් සිටියේ කමලා හට මල් වැවීමට උවමනා උ නිසා..පාත්තියේ වලවල් කැපු පසු හංසි විසින් ඒවායේ විවිද වර්ගයේ බීජ සිටෙව්වේ ය. කමලාගේත් මුදලලිගේත් එකම දරුවා වන හංසි රූපසෝභාවෙන් අගනා උනේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ ඇයට බැල්ම දාද්දි.. නමුත් මුදලාලිගේ හැටි දාන්න ඔවුන් ඒම අදහස අතහරියෝ ය.
"මෙච්චරය් තියෙන්නේ.. දැන් අර පැල ටික හිටවන්න ඕන.. මේ රෝස පැලේ මල් ආවම ලස්සනට තියෙයි.. නේද සුමුදු..? "බීජ සිටුව ඉවර වි හංසි කිවේ පැලයක් අතට ගනිමින්..
"ඔව්.. මොන පාට රෝසද ඕක..?' සුමුදු ඇහුවේ ය.
"ලා රෝස.. මන් මේක යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්තේ. ජනනි.. ඔයා දන්නවා නේද එයාව..?""ආ.. ඔව්..! "සුමුදු හිනා උනේ ය..
"අහ්.. සුමුදු, මගේ වැඩ වගයක් තියෙනවා.. ස්කොලේ මහත්තයට ගිහින් දෙන්න පුලුවන්ද බලන්නයි කියලා.." එකවරම යමක් සිහිපත් උ අයෙක් මෙන් හංසි ඇසුවා..
" හොදා.. මන් ගොහින් දෙන්නං.."
හංසි සුමුදු සමග සිනා උනි.." ඉන්නකො මන් අරන් එන්නම්.. " ඉක්මනින් පැළය සිටව හංසි ගේ ඇතුලට ගියා ය..
මල් පාත්තිය දෙස බලා සිටි සුමුදු පුංචි මහත්තයාගේ හඩින් ගැස්සි ගියේ ය.
" සුමුදු..! මොකද මෙතන කරන්නේ..?" එහි කෝපයක් තිබු බව සුමුදුට වැටහුනත් ඔහු ගානක් නොගෙන කතා කලේ ය.
"කමලා නැන්ද මල් පාත්තියක් හදලා දෙන්න කිව්වනේ.. ඉතින් මායි හංසියි පැල හිටව හිටව හිටියේ."
"පේනවා එක!"කී පුංචි මහත්තය දුටුවේ කවරයක් අතැතිව පැමිණේන හංසිව..
"මේක සුමුදු.. ආ.. අය්යේ! මොකෝ මෙතන කරන්නේ..? ලොකු අය්යා කවද්ද එන්නේ..? " එක දිගට හංසි අසාගෙන ගියේ ය.
"මන් මෙතන මොනා කලත් ඔයාට වැඩක් නැ.. ඒ වගේම අය්යා කවද ආවත් ඔයාට එත් වැඩක් නැ..අනික අය්යා එන්නේ එයාට ඕන දවසට..!" සිතල ස්වරයකින් පුංචි මහත්තය කියද්දී සුමුදු දෑස දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ ය.
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"