හිරුට හොරෙන් - එක

10.3K 808 82
                                    


හිරුට හොරෙන් - එක

අච්චරම ගරුකරන ගුරුවරයා නිසා කටක් ඇරලා කෙලින්ම බෑ කියන්න බැරිකමට සද්දයක් නැතුව  හිටියා මිසක් සර්ගේ යෝජනාව ඇහෙනවත් එක්කම මගේ හිතට ආවෙත් තරමක කේන්තියක්.

විතානගේ සර්ගේ මූණ බලන්න මොකද්ද වගේ නිසා මම වේයෝ කාලා දිරලා ගිහින් හයියෙන් තට්ටුවක් වැදුණොත් වීදුරුවත් ගැලවිලා වැටෙන සයිස් එකට තිබුණු ජනේලේ විදුරුවෙන් මිදුල දිහා බලාගෙන හිටියා.

වටපිටාව කලුවරයි. පත්තු කරපු බුදු පහනේ එලිය යන්තම් මිදුල පුරා විහිදිලා ගිහිල්ලා. ඒ එලියට පොලව වැහෙන්න කැන්ද කොල වැටිලා තියෙනවා දකින කොට හවස අතුගෑවට වඩා හොඳයි නිකම් හිටියා නම් කියලා මට හිතුනා! 

"මානස මොකද කියන්නෙ? කැමැතිද?" විතානගේ සර් යන්තම් උගුර පාදලා අතේ තිබුණ හිස් වතුර වීදුරුව ටීවී මේසේ උඩින් තිබ්බා. 

විතානගේ සර් මගේ ෆේවරීට්ම සර්බව ඇත්ත... ඉස්කෝලෙ යන දවස්වල අනෙක් ගුරුවරුන්ට වඩා මා ගැන උනන්දුවෙන් හොයලා බලපු බවත් අත්ත... සර් නොවෙන්න කෙමිස්ට්‍රිවලට 'ඒ' එකක් නොගන්න බවත් ඇත්ත... ඒ සේරම එහෙම වුනත්- කොහොමද සර් ඉල්ලන දේට හිතට එකඟව හා කියන්නෙ? 

එලියෙන් ආපූ පොඩි හුළඟත් එක්කම හඳුකූරුවල පිච්ච සුවඳත් ගේ ඇතුලට එනවා. 

මම හුස්මක් ඇදලා ගත්තා. 

ඒ  'මට බැහැ, සර්' කියලා කියන්න. කොච්චර කොහොම වුනත් හිතේ අකමැත්තකින් ඔය වගේ දෙයක් කරන්න බැහැ. මට කලින් සර් කතා කරන්න පටන් ගත්තා. යෝජනාවට මම බැහැ කියන්න යන්නෙ කියලා සර්ට සමහර විට තේරෙන්න ඇති. ..

"ලොකු උදව්වක්, මානස. දන්නවනේ... මගේ අනෙක් පංති එක්ක මට හැරෙන්නවත් ඉඩක් නෑ..." විතානගේ සර් ආයෙමත් උගුර පාදලා කියන්න ගත්තා. "නැත්නම් කීයටවත් මානසගෙන් ඕක කරන්න පුළුවන්ද කියලා අහන්නෙ නෑ..." 

ඇත්ත... සර් නැත්නම් කවදාවත් හිරුන් පුංචිහේවාට ටියුශන් එකක් කරන්න පුලුවන්ද කියල මගෙන් අහන්නෙ නෑ.

බඩේ සමනල්ලු නටන කතාව අහලා තියෙයි නේද? 

හිරුන් මතක් වෙද්දිත් මගේ බඩෙත් සමනල්ලු නටනවා. 

හිරුට හොරෙන්Opowieści tętniące życiem. Odkryj je teraz