වෙනදට උදේට නැගිටින කොට එකම බලාපොරොත්තුව වුනේ වැඩට යන එක.
හිතේ වැඩ කලේ අම්මා ගැන... නංගි ගැන... අනාගතය ගැන.. හිරුන් එක්ක මේ තහනම් සම්බන්දය පටන් ගත්තට පස්සේ ඒ දේවල් හිතෙන් අමතක වෙලා අතුගෑවිලා ගියා නෙමෙයි. ඒත්... උදේට නැගිටින්න වෙනම හිතට හයියක් අවිල්ලා. සාප්පුවෙදි සමන්මලී මිස් හරි ඉඳලා හිටලා එන ඔලුව ලොකු වෙච්ච කස්ටමර් කෙනෙක් හරි කියන වචන නොදැනෙන තත්වෙට පත් වෙලා.
වෙනදා නොතිබ්බ සැහැල්ලුවක් සතුටක් ජිවිතෙට ඇවිල්ලා වගේ මට දැණුනා.
හිරුන් කොල් කරන්නෙ "ඕයි දැවෙන ප්‍රශ්නයක් තියේ..." කියාගෙන.
ප්‍රශ්නෙ විසඳගන්න ඕනි නම් විනාඩියක් දෙකක් යාවි. ඊලඟ විනාඩි දහය අපි දෙන්නගේ කතාව. වැඩ කරන වෙලාවට ෆොන් එකේ එල්ලිලා ඉන්න එපා කියලා සමන්මලී මිස් අනිත් අයට නිතරම කියනවා මම දැකලා තියෙයි. නිතර නිතර කොල් එනකොට මටත් ඔය කතාව ලැඟදිම අහගන්න වෙනවා... ආයේ දෙකක් නෑ!
එහෙම දැනගෙනත් "හිරු, අපි රෑ වෙලා කතා කරමුකෝ..?" කියලා අහන්නවත් මට හිතදුන්නේ නැති හැටි!
"ඕයී... යමුකෝ..." හිරූ පොඩි එකෙක් වගේ නාහෙන් අඬනවා.
"ලබන සතියේ යමු?"
"ගිය සතියෙත් ඕකමයි තමුසෙ කිව්වෙ!" හිරුන් කිව්වේ අමනාපෙන්. "තමුසෙව යාලු කරගත්තේ මේවට තමයි! දැන් ඉතිං බෑ නොකියා වරෙං!" හිරුන් එහෙම කිව්වට කේන්තිය තිබුනේ වචනවල විතරයි.
"කිව්වනේ හිරූ... මට නිවාඩු තියෙන්නෙ ඉරිදා විතරයි! අනිත් දවස්වල නිවාඩු අරගෙන බෑනේ!"
"තමුසෙට පිස්සු! ඔච්චර ලස්සනට ටියුශන් දෙක තුනක් කරලා ගාණක් හම්බු කරගන්න පුලුවන්කම තියෙද්දී දවස පුරා නැහෙනවා! තිසතුත් මගෙන් අහුවා එයාලාගෙ ශොප් එකෙන් ඇඳුම් ගන්න කස්ටමර් කෙනෙක්ගේ දුවෙක්ට ටියුශන් එකක් ගන්න හොඳ කෙනෙක්ව හොයලා දෙන්න කියනවා. මානස බෑ කියයිද කියලා..."
හිරුන් කවදත්වගේ එයාගෙ හිතේ තියෙන අදහස් කියන්න කොයිම වෙලාවකවත් පසුබෑවේ නෑ. මගෙ ශොප් එකේ රස්සාව ගැනත් එහෙමයි. ලස්සනට උගන්වන්න පුලුවන්කමක් තියෙද්දි අපරාදේලු මේ පඩියට මෙතන වැඩ කරන්නෙ.
![](https://img.wattpad.com/cover/304411582-288-k956284.jpg)
ESTÁS LEYENDO
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...