උදේ ප්රවෘතිවල තිසත්ගැනයි හිරුන්ගැනයි විස්තර හෝගලා යනවා. ඒදෙන්නගෙ පොඩි ඉන්ටර්විවි එකකුත් ටිවිඑකෙ යනව බලාගෙන දත්මැද්ද මම සහෝදරයො දෙන්නෙක්වගේ එකම ජාතියෙ රතුපාටයි ශර්ටුයි කලුපට කලිසමුයි ඇදගෙන හිරුනුයි තිසතුයි කටපුරා හිනවෙවි ඉන්නහටි බලාගෙන සතුටුවුනා. හිරුන්ගෙන් මැසේජ්එකක් ඇවිල්ලද කියලා මම චෙක්කලේ අනිත් දවසේ උදේවරුවෙ වැඩටත්ගියාට පස්සේ.
උවමනාව තිබුණත් ඊටත්වැඩිය බයක් හිතේ කොනක හිරවෙලා.
'බැරිවෙලාවත් හිරුන් රිප්ලයිඑකක් එවලා නොතිබුනොතින්? එතකොට මකද කරන්නේ?' එහෙම හිතනකොටටහ් දැනුනෙ බයක්. අන්න එහෙම දැනෙනකොට තමයි යවපු මැසේජ්එක ආයෙමත් සැරයක් ගෙන්නගන්න පුලුවන්වුනානම් කියල හිතෙන්නගත්තෙ.
ෆොන්එක ඔන්වෙලා ආයෙමත් මැසෙජ් අලර්ට්එකක් ඇවිල්ලා කියලා දෛනකොට මම තොල්දෙකත් තදකරගෙන මැසෙජ් ෆොල්ඩර්එක ඔන්කලා.
[තෑන්ක්ස් පුක්ස් ]
මම ඇස්දෙක පියාගෙන හුස්මක් අතෑරියා. හිතේ තිබුණ ලොකු බරක් ඒ හුස්මත්එක්ක නිදහස්වෙලා පිටවුනාද කොහෙද.
මැසෙජ්එකක් එවන්න තරම් හිරුන් සන්සුන්වෙලානම් බොහෝදුරට මම කෝල්එකක් ගත්තොතින් ආන්සර් නොකර ඉන්නඑකක් නැහැ කියලා හිතනුත් කතාකරලා හිරුන්ගේ කටහඬ ආයෙමත් අහන්න මතුවුන ආසාව මම මැඩගත්තේ ඕනිවටවඩා කරදරකරන්න ගියෝතින් ආයෙමත් හිරුන්ට අමනාප හිතෙවි කියලා හිතිලා.
ඇරත් මම පලවෙනි පියවර එයාදිහාවට තියලා තියෙන්නෙ...
දැන් හිරුන්ගේ වාරේ...
සැහැල්ලුවෙන් හිත පිරිලායද්දි මම සාප්පුව අතුගාලා වැඩපටන්ගන්න සූදානම්වුනේ පහුගිය දවස්වල නොතිබුන උඅන්නදුවකින්.
* * * * *
"අන්න අර බැඩ්මින්ටන් කොල්ලා ඇවිල්ලා... උස එක්කෙනා ඇතුලේ... කලුඑක්කෙනා එලියේ... තමුසෙට ඕනි උස එක්කෙනාද කලුඑක්කෙනාද?" ලක්මාලි නංගි අතේ තිබුණ පොප්කෝන් බෑග්එකෙන් අහුරක් කටේදාගෙන අඹරන්නගත්තේ ඉක්මනට ඉක්මනට පොරිටික කන්න කියලා හිතාගෙන වගේ.
![](https://img.wattpad.com/cover/304411582-288-k956284.jpg)
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...