තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ඉන්න පුලුවන්කම තමයි සාප්පුවේ රස්සාවේ මම කැමතිම දේ.
අකමැතිම දේකුත් තියෙනවා - සේල්ස් රෙප්රසෙන්ටේටිව්ලයි... ස්ටොක් බාරගන්න ගියාමයි.
පොත් සාප්පුව අයිතිකාර සමන්මලී මිස් "මානසනේ ශොප් එකේ ඉන්න කොල්ලා!"කියලා ස්ටොක් ආපු ගමන් කිලෝ දහය පහලොව බර හාර්ඩ්බෝඩ් පෙට්ටි සේරම මගේ පිටේ තුන්වෙනි තට්ටුවේ ගබඩා කාමරේට අද්දවා ගන්නවා.
කැශියර් එකේ ඉන්න වාසනා අක්ක නම් එතනින් නෝ හෙල්ලුම්. පොත් සාප්පුවෙම පහල කොටසේ හදලා තිබුණ කමියුනිකේශන් එකේ වැඩ කරන සකුනි නංගියි... ස්ටේශනරි සෙක්ශන් එකේ වැඩකරන ලක්මාලි නංගියි උදව්වට ආවොත් තමයි.
එදත් වැඩට එනකොට පෙට්ටි තොගයක් උඩට යන්න බලාගෙන පඩිපෙල පාමුල ගොඩ ගැහිලා තිබුණා. අටහමාරෙන් ඉඳන් මම හිමින් හිමින් සේරම තුන්වෙනි තට්ටුවේ ගබඩා කාමරේට ඇදලා දැම්මේ සමන්මලී මිස් ඇවිල්ලා වැඩේ කරන්න කියන්න කලින්මයි.
"අන්න ඔයාව අහනවා..."
පහල අන්තිමේදී ඉතුරු වෙලා තිබිච්ච ඒෆෝ බන්ඩල් වගයක් බදාගෙන ආපු ලක්මාලි නංගි ඒ ටික බිමට අතෑරලා බිත්තියට හෙත්තු වුනා.
ස්ටොක් කමරේ තිබුණේ පොඩි ටුයුබ් ලයිට් එකෙන් අහුමුලුවල අඳුර නම් මැකිලා නෑ. පොඩි ඉඩෙන් ආවේ පොත් ගොඩවල් අස්සෙන් එන අමුතු සුවඳ. බිම ගොඩ ගහපු සාමාන්‍ය පෙල ප්‍රශ්න පත්තර අඩුක්කරපු පෙට්ටියක් උඩ ඉඳගෙන මහන්සි ඇර ඇර හිටිය මම කටෙන් පිටවෙන්න ගිය හොඳ වචන පේලිය ගිලගෙන නලලේ මතුවෙලා තිබුණ හීන්දාඩිය පිටි අත්ලෙන් පිහිදා ගත්තා.
"ඔය ටික නෙමෙයිද අන්තිම?" මම ඇහුවේ ඒෆෝ බන්ඩල් තොගෙට අතක් දික්කරලා පෙන්වලා. "මේ පෙට්ටි පැටව් ගහනවද නංගී?"
"පෙට්ටි නෙමෙයි අනේ... ලස්සන උස කලු කොල්ලෙක් ඇවිල්ලා-"
"වාසනා අක්කට බඩපිනුම් ගහන්න කියපං..." මම කිව්වේ අපිලිවෙලට බිම විසිරුණු ඒෆෝ බන්ඩල් එකිනෙක රාක්කෙන් ගොඩ ගහන්න පටන්අරගෙන. "මට බෑ දැන් ආයේ සේල්ස්ලා එක්කත් ගනුදෙනු කරන්න..."
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...