හිරුට හොරෙන් - විසි හතර

3.2K 574 54
                                    



මානසටත් තිසතයගේ ගෙදරඑන්න කිව්වේ ඔක්කොම සිද්ධිය තිසත් ඉස්සරහම කතාකරන්න හිතුන නිසා. මොකද දඩේමියන්ගේ බ්ලැක්මේල් කිරිල්ල බලපෑවේ මටවිතරක් නෙමෙයි. තිසත්ටත් ඒ අයුතු බලපෑමේ හෙවනැල්ල වැටිලා. චැම්පියන්ශිප්එක පාවාදෙනවා කියන්නේ මගේ අනාගතේ විතරක් නෙමෙයි... තිසත්ගේ අනාගතෙත් තිරණයකරන සාදකයක්.

එහෙම තියෙද්දී මානසගෙත් මගෙත් රහසක් වහගන්න තිසත්ට එයාගේ මුලු කැරියර්එකම නැතිකරගන්න කියලා කටක් ඇරලා ඉල්ලන්න පුලුවන්ද?

තිසත්ලගෙ බතික් ශොප්එකට නිවාඩු දවසක්නෑ. හැමැදාම ඇරලා. ඇන්ටි ශොප්එකේ වැඩබලනකොට අංකල් එයාගේ රාජකාරිය ඇඳුම් ඩයිකරන මඩුවේ කරනවා. තිසත් ප්‍රැක්ටිස්නති හැමමොහොතකම එක්කෝ ශොප්එකේ නැත්නම් තාත්තට උදව්කරන ගමන්.

එහෙම එකේ ගෙදරටගිහිල්ල ඌට කරදරකරන්නත් මගේ හිතට මොකක්දවගේ.

ඒත් මානස කිව්වාවගේ මේ ප්‍රශ්නේ තවදුරටත් අපිදෙන්නට විතරක් සිමවෙලානෑ.

තිසත් අපිදෙන්නව එයාගේ කාමරේට එක්කගෙනගියේ වැඩි හොඳටකියලා. සේරම කියලා ඉවරවෙනකල් මිනිහා සද්දයක් නැතුව අහගෙන හිටියා.

"ඩෙමියන්කාරයා මරු පොරනේ!" තිසත් කිව්වේ තරමක අගයකිරීමේ ස්වරයකින්. "නිකමට හිතමුකෝ දැන් අපි චැම්පියන්ශිප්එක මධුරයට දුන්නා කියලා! ඒත් ඔය බ්ලැක්මේල් කිරිල්ල එතනින් නතරවෙනව් නෙමෙයිනේ! තවත් මොකක්හරි දෙයක් ඊටපස්සෙ ඉල්ලයි..."

තිසත් වචන වලින් කිව්වට ඔය අදහස මට සැරින්සැරේ හිතේ මතුවෙච්ච අදහසක්.

"වෙන්න පුලුවන් නරකමදේ-"

"තාත්තා විස්තරේ සේරමදැනගෙන මාව මරණඑක!" තිසත් කියන්න පටන්ගත්තදේ මම ඉවරකලම තිසතයයි මානසයි දෙන්නම මාදිහා ඔරවලබැලුවා.

"තාත්තා දැනගත්තොත් උබ මෙහෙවරෙන්! වැඩේ ඉවරයිනේ!" තිසත් කමරේ එහාටයි මෙහාටයි ඇවිදින්න පටන්අරගෙන. "මට හිතාගන්නබැරි ඇයි මධුරයට චැම්පියන්ශිප්එක අරගෙනදෙන්න ඔච්චරම දඟලන්නෙ?"

"උන්දෙන්නා ඉස්සර ඉඳලම හොඳ යාලුවෙනේ ඒනිසා වෙන්නඇති..." මම කිව්වා.

හිරුට හොරෙන්Where stories live. Discover now