හිරුට හොරෙන් - දෙක

6.7K 877 132
                                    

තිසත්ට හොම්බකට සමතල වෙන්න දෙකක් අනින්න තරමට හිත!

තිසතයා කකුලකුත් පුටුව උඩට වෙන්න තියාගෙන රැකට් එක බඹරේ වගේ කරකවන ගමන් අතින් අතට මාරු කරනවා. නොබල ඉන්න කොච්චර උත්සහ කලත් මගේ ඇස් අතිනතට මාරු වෙන උගේ බැඩ්මින්ටන් රැකට් එක පස්සේම යනවා. 

ඒක දකින කොට ඔලුවත් කැරකෙනව වගේ. ඌ  හොඳටම දන්නවා මට ඔය වැඩේ අප්පිරියබව. 

"ඉතිං..? මේජර් අංකල්ට කෙමිස්ට්‍රිවලට බී එකක්ම ඕනෙලුද?" තිසතයාගේ කට කෙළවර යන්තම් උඩට ඉස්සිලා.

"තාත්තට නෙමෙයි, වසලයෝ! මටයි ගන්න ඕනෙ!"

තිසත්ගේ ඉහලට ඉස්සුනු කට කෙළවර තව ටිකක් උඩට ඇදුණා. උගේ ඇස් යන්තමට දිලිසෙනවා. 

යාලුවගේ නෝන්ඩි බැල්ම මගෑරලා මම බැඩ්මින්ටන් කෝට්එකේ පොඩි මල්ලිලා දෙන්නෙක් එහාටයි මෙහාටයි පැන පැන සෙල්ලම් කරන හැටි බලන් හිටියා. 

චැම්පියන්ශිප්... ටෙක්නික්... ප්‍රොෆෙශනල් රේටින්... ස්පොන්සර්ශිප් ගැන වද නොවුනු ඒකාලේට යන්න ඇත්නම් කියලා පලවෙනි වතාවට හිතුණේ ඒ මොහොතේදී නම් නෙමෙයි.  

එච්චර ආසාවෙන් පටන්ගත්තු බැඩ්මින්ටන් තාත්තගේ බල කිරීමට වගෙයි දැන්නම් කෙරුණේ.

මම දිව එලියට දාලා තොලට උඩින් එකතු වෙලා තිබුණ ලුණුම ලුණු රස දාඩිය බින්දුවක් පිහිදාගත්තා.  සෙල්ලම් කරලා ඉවර වුන හැටියෙම නිසාදෝ හුස්ම පිට වුනේ තරමක් ගැඹුරට. 

තිසත් වතුර බෝතලේ දික්කලාම මම ඔලුව දෙපැත්තට වනලා හෑන්ඩ් ටවල්එකෙන් මුහුණේ ඉතුරු දාඩිය තෙතමාත්තු කරගත්තා.

"අපරාදේ සෙනසුරාදා හවස ප්‍රැක්ටිස් සෙශන්එක නැති වෙනවා තමුසෙගෙ කලාස් වැඩෙන්..." තිසත් කිව්වේ මට දික්කරපු වතුර බෝතලේ මුඩිය අරින ගමන්. පැය දෙකක් තිස්සේ ප්‍රක්ටිස් කලත් ඌට කිසි ගානක් නැහැ. "සතියෙ දවසක දාගනින්කෝ! මඟුල!!"

"බෑ... සර්ට ටයිම් නෑ..."

"එහෙනම් මාස් ක්ලාස්එකකට පලකෝ! ආතල්එකේ ඉගෙන ගන්න එකනේ!"

"කලින් පාර මාස් ක්ලාස් ගිය හින්දා මේ ගමන ඉන්ඩිවිජුවල් කරන්න කියලා තාත්තා කියනවා..." 

හිරුට හොරෙන්Onde histórias criam vida. Descubra agora