බ්‍රහස්පතින්දා උදේ කසුන් අයියට හදිස්සි හයර් එකක් ඇවිත්. ප්‍රැක්ටිස් ගියේ තිසතයගේ ස්කූටියේ.අම්මා දන්නවා නම් ප්‍රැක්ටිස් නොගොහින් ගෙදර නවත්වන්නවා.
තිසත් ඉතිං එල කොල්ලා නිසා මඟක් දුර ගිහින් "ආ... පැදගෙන යමං..." කියලා මට ඉස්සරහ දුන්නා. මම ක්ලබ් එකට බයිසිකලේ පැදගෙන ගිහින් ඇඳුම් චේන්ජ් කරගන්න ගියේ කට කනේ තියාගෙන.
කලගුණ දැක්වීම් වශයෙන් ඌට මැචස් දෙකක් හිතලම දිනන්න දුන්නා. ඌ මැචස් දෙකම ඉවර වෙලා අත් දෙකේම මැද ඇඟිලි දික්කරලා මට ප්‍රතිචාර දක්වනවා බලාගෙන හිටිය ස්විමින් අපු ඇන්ටි කෙනෙක් මූණ තප්පදෝරු කරගෙන අපිව පහුකරගෙන ගියා.
සඳුදටයි අඟහරුවාදටයි ප්‍රැක්ටිස් හවස. ඒ දවස් නම් ප්‍රැක්ටිස් කරනවට වඩා කරන්නෙ පොඩි එවුන්ට උදව් කරන එකයි. බදාදා බ්‍රහස්පතින්ද දවස් දෙකේ උදේ වරුවේ... සිකුරාදා නිවාඩු... සෙනසුරාදා උදේ... ඉරිදා නිවාඩු.
තිසත්ගේ අම්මයි තාත්තයි හොඳ හින්දම හොඳයි. නැත්නම් තිසත්ට ගෙදරට වෙලා කකා බිබී උඩ පැන පැන ඉන්නෙ නැතුව රස්සාවක් කරන්න කියලා. එහෙම උනා නම් මට සෙල්ලම් කරන්න වෙන්නේ තනියෙම තමා.
"අපේ දිහා යං?" ප්‍රැක්ටිස් ඉවර වෙලා වොශ් දාගෙන ආයෙමත් ස්කූටිය නවත්තලා තිබුණ දිහාවට ඇවිදගෙන යන අතරේ තිසත් ඇහුවා.
"ලබන සතියේ වගේ?"
තිසත් මුකුත් කිව්වෙ නෑ. ඒත් ඌ හෙල්මට් එක දාගත්ත විදිහෙන් දැනුනේ මම උගේ ගෙදර ඒවි කියලා බලාපොරොත්තුවෙච්ච ගතියක්.
"ඇයි මොකෝ?" මං අහනකොට තිසත් මොහොතකට නතර වුනා.
"ඇන්ඩි බබාට සනීප නෑ ටිකක්..."
"බෙහෙත් ගන්න යන්නද එන්න කිව්වේ?"
"බෙහෙත් ගෙනාවා. උඹ ආව නම් එයාට හැපීනේ... ඒකයි." තිසත් බයිසිකලේ ඉඳගෙන බෑග් එක පපුව හරහට දාගත්තා. "නැගහං ඉතිං..."
"අම්මා ඊයේ බං ඉස්කෝලේ වැඩට යන්න ගත්තේ..."
"සත්තකින්ම හිරූ... මට හිතාගන්න බෑ උඹලගේ තාත්තා වත්සලා ඇන්ටි වැඩට යනවට අවසර දුන්නට." තිසත් කට කොනකින් හිනා උනා.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...