"ඔව් කොල්ලා අපේ ගෙදර..."
තිසත් කතා කළේත් දුකෙන්.
යලුවො දෙන්නම එක තැන. දෙන්නම අප්සට් එකේ. මට ඔළුවට ආවෙම මහ අප්‍රසන්න දේවල්. හිරුන්ලගේ ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති.. නැත්නම් ඩේමියන්ගෙන් කරදරයක්ද දන්නෙත් නැහැ...
"ඇයි මොකෝ අවුල... මට ක්ලාසුත් එන්න එපා කිව්වා..." කියලා මම තිසත්ගෙන් හෙමින් ඇහුවේ ඇත්තටම මොකක්ද සිද්ද වෙලා තියෙන්නෙ කියලා දැනගන්නවටත් වඩා මට කරන්න පුලුවන් මොන වගේ උදව්වක්ද කියලා බලන්නයි.
"මේ ඇන්ඩි බබා නැති වුනානේ..."
"ඇන්ඩි බබා-?"
"ඔව්... අපේ බල්ලා..."
මම සැනසුම් හුස්මක් හෙලුවා.
"මම බය වුනා..."
තිසත් යන්තමින් උගුර පාදල නිහඬ වුනා.
සමහර විට එතැන ගෙදර හුරතේට හදන සතෙකුගේ මරණයට වඩා වැඩියමක් තියෙනවා ඇතියි කියලා මට හිතුනේ තිසත්ගෙන් ටික වෙලාවක් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නැතුව ගියාමයි.
"මේහ්... අද නම් කොහොමත් හිරුවා දැම්මම ගෙදර යන එකක් නැහැ... ඌ අප්සට් එකේ ඉන්නේ.." තිසත් පැකිලුනා. "උබ ගෙදර පලයං..."
"මම ආවට කමක් නැද්ද?"
හිරුන් නිතරම හැසිරුනේ කිසිම හැඟීමක් පිටතට පෙන්වන්නෙ නැතුව. ගල් හිතක් තියෙන කෙනෙක් වගේ. එයාගේ වෙස්මූණ යන්තමින් හරි ගැලවුනේ තිසත් ඉස්සරහ විතරක්ද කොහේද... සුරතල් සතෙක් මැරුණට ඔහොම දුක් වෙන චරිතයක් කියලා හිතන්නවත් බෑ.
හිරුව තේරුම් ගන්න ටිකක් අමාරු චරිතයක් බව මට ඒ වෙලාවෙ දැනෙන්න ගත්ත.
පන්ති එන්න එපා කිව්වේ හිත් වේදනාවෙන් ඉන්නවා මම දකිනවට අකමැත්තෙන් වෙන්න ඕනේ. එහෙම එන්න එපා කියද්දිත් හිරුන් ඒහෙම දුකින් ඉන්න තැනකට ගිහිල්ලා හම්බෙන්න තරම්... එයාට කතා කරන්න තරම් යාළුකමක් අපි අතරේ තියේද කියලා මම ඊට පස්සේ කල්පනා කළා.
හිරුන් මා එක්ක පහු ගිය දවස් ටිකේදී හැසිරුන හැටි මතක් වුනා.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්රශ්...