හිරුන්ගේ හාද්දට එකටම මම ගල් ගැහුණා.
ඉබේටම ඇස් පිය වුනා.
මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව හෙල්ලෙන්නෙවත් නැතුව හිටියා.
හිත කියන්නෙම අතකින් එයාව තවත් කිට්ටු කරගන්න කියලා. 'සමහර විට එයාට අත්වැරදීමක් වෙන්න ඇති... පොඩි අත්හදා බැලීමක්...' මම මොලේ කියපු දේ පිළිගත්තා.
ඇරත් එක පාරටම කිස් කිරිල්ල නවත්තලා බිම දාගෙන ගහගෙන... ගහගෙන... ගියොත්?!
හිරුන් හාද්ද තවත් ගැඹුරු කරන්න උත්සහ කරනවා දැනෙද්දී එයාගේ පපුවට අතක් තියලා මම යන්තම් පිටිපස්සට වුනා.
හිරුන් මාව නවත්තන්න හදයි කියලා හිතුවත් එහෙම වුනේ නෑ. එයා මගේ මුහුන දිහා බලං හිටියේ මට තරහ ගිහින්ද කියලා බලන්නද කොහෙද.
"සොරි!" හිරුන් අතක ඇඟිලිවලින් කොන්ඩේ පිටිපස්සට කරගෙන වැලමිටේ මූණ හංගාගන්න අතරේ කුස්සියට ගියා.
විනාඩියක් විතර යනකලුත් හිරු ආයෙමත් සාලෙට ආවෙ නැහැ.
එයා කුස්සිය ලඟ කෑම මේසේ ඉඳගෙන ඔලුව ගහගෙන ඉන්නවා දැකපු මම කුස්සියට ගිහින් කෝප්පෙ හෝදලා පැත්තකින් තියලා සාලෙට ආවා. ඒත් එක්කම තමයි වත්සලා ඇන්ටි ගේට්ටුව ඇරියේ. තෙත බේරෙන කුඩේ එලිපත්තෙන් තියපු වත්සලා ඇන්ටි ගෙ ඇතුලට ඇවිල්ලා සෙටිය ගාව හිටගෙන හිටිය මා දිහා බලලා හිනා වුනා.
"වැස්සට අහු වුනා ඇන්ටි..."
"මම හිතුවා හිරූගේ ඇඳුමක් ඇදන් ඉඳිද්දී... මොකෝ අරයා? සනීප නැද්ද?" ඇන්ටි ඔලුවෙන් හිරූව පෙන්නුවා.
"නෑ.. නෑ.. දැන් මේ කෝපි එකක් බිව්ව විතරයි. පාඩම් පටන් ගන්න කියල... කොහොමත් වැස්ස ඉවරවෙන කල් මට යන්න විදිහක් නෑනෙ..." මම කිව්වෙ යන්තම් හිරූගේ පැත්ත බලලා.
"හිරූ... මේ පුතාගේ ඇඳුම් ටික දෙන්න... මම ඩ්‍රය ර්එකට දාන්නම්..."
හිරූ මං ඉන්න පැත්තවත් නොබලා උඩට ගියා.
එයා ආවේ තවත් විනාඩි පහකට විස්තර පස්සේ. ඒ ඇවිල්ලා අපි පංති පටන් ගත්ත කාලේ වගේ සද්දයක් බද්දයක් නැතුව ඔහේ අහගෙන හිටියා. එකම වෙනසකට තිබුනේ මූණේ එරවිල්ලක් නොතිබ්බ එක විතරයි.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...