හිරුට හොරෙන් - හතර
"මොකද හාල්පාරුවෝ තොට වෙලා තියෙන්නෙ?" තුන්වෙනි පාරටත් නෙට්එකට වැදුන බැඩ්මින්ටන් මල ඇහිඳගත්ත තිසත් ඇහුවේ නලලත් රැලි කරගෙන. "ගුලි කාලාද?"
මම බරට අඩිය තියලා ඇවිදගෙන ගිහින් පොඩි ප්ලාස්ටික් පුටුවක ඉඳගත්තා. මම ඒවිද නැද්ද කියලා ටික වෙලාවකට බලාගෙන හිටිය තිසත් උගේ මූණත අතකින් පිහිදාන අතරේ මගේ පැත්තට ඇවිදගෙන ආවේ වටේ පිටේ පුහුණුවීම්වල යෙදිලා හිටිය අයත් මා දිහා හොරෙන් බලාගෙන ඉඳිද්දීයි.
"ඇයි? මොකෝ අවුල?"
"මුකුත් නෑ-" මම ලැජ්ජාව නිසා ඔලුව දණිස් මැද්දෙන් පහලට කරගත්තා.
"මුකුත් නම් නැති වෙන්න බෑ, ගොයියෝ! මොකෝ තාත්තා ආයෙමත් බැන්නද සෙල්ලම් කරනවා වැඩී පාඩම් මදී කියලා?"
හිත කලබල වෙලා තිබුනේ ඒ නිසා නොවුනත් තිසත්ට ඌ කියාපු උත්තරේ හිතාගන්න ඉඩ ඇරලා මම නිශ්ශබ්ද වුනා.
තිසත් එහෙම හිතපු එකේ වැරැද්දක් නැහැ. මාව නොසන්සුන් කරන තරමකට යමක් සිඩ්ද වුනා නම් ඒ හැම අවස්තාවකටම අපේ තාත්තා පැත්තක් හරි ගෑවිලා. ඒත් ඒ වෙලාවෙදී මාව නොසන්සුන් කරලා තිබුණේ මානසගේ ප්‍රශ්නේ.
මම මටම දොස් කියාගත්තා. ඇයි නිකමටවත් අම්මගෙන් ඇහුවේ නැත්තේ සර් වෙනුවට එන්නේ කවුද කියලා? එහෙම ඇහුවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. ශික්!
මට දිරෙව ගන්නම බැරි වුනේ පුකේලියා ඇවිල්ලා අපි දෙන්නා හොඳ යාලුවෝ ගාණට මට උගන්වන්න පටන්ගත්ත හැටි දැක්කමයි. හරියට ඉස්කෝලේයන කාලෙ අපි දෙන්නා පට්ටම යාලුවෝ වගේ. හොම්බට දෙකක් අනිනවා කියද්දී පුකෙලියා කරපු බොරු තර්ජනේ මට මීටර් නොවුනා නෙමෙයි.
අම්මා නොහිටියා නම් පුකේලියා කනවා කෑමක් චකබ්ලාස් වෙන්න!
ඊගාවට... කලින් පාර පුකේලියාට කෙලලා තාත්තගෙන් පලු නගින්න කාපු හැටි මතක් වුන නිසා මම දත්මිටි කාගෙන නතර වුනා.
"අඩෝ ඔහොම වොරි වෙන්න එපා! මොකෝ උඹේ තාත්තා කණපිට වචනයක් කියපු පලවෙනි වතාව නෙමෙයිනේ මේ-"
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...