හිරුට හොරෙන් - නවය

4.3K 683 109
                                    


සතියම ගිහිල්ලත් හිරුන්ගෙන් හ්ම්ම් සද්දයක් නැති කොට හිත හදාගන්න මම මටම හේතු කියාගත්තා.

හිරුන් මගේ කෙටි පනිවිඩේටවත් උත්තරයක් එව්වෙ නැත්තේ කේන්තිය නිසාද නැත්නම් ලැජ්ජාව නිසාද?

 ඔලුවේ කැරකැවුණු අදහස්වලින් මට හිතාගන්න පුළුවන් වුනේ හේතු දෙකයි. 

එක්කෝ ඒ යකා කලින්ටත් වඩා මාත්එක්ක කේන්තියෙන්. එහෙම නැත්නම්... ඩේමියන්ගේ කතාව හොයලා නොබලා ඔටෝ-රිඇක්ශන් දුන්නට ලැජ්ජාවෙන්.  

හිරුන්ගේ නිහඬතාවය පිටිපස්සෙ තියෙන්නෙ දෙවෙනි හේතුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා.

සතිය පුරාම ලක්මාලි නංගිගෙන් බේරිල්ලක්නෑ. දවස පුරාම ඒකිගේ වැඩේ සාප්පුවේ  වැඩ අඩුවෙච්ච ගමන් මගේ කිට්ටුවෙන් ඉඳගෙන හිරුන් ගැන විස්තර අහන එකයි. 

හිරුන් කොයි වගේ කෙනෙක්ද... මොනවද ආස... ඉස්කෝලෙදි මොනවද කලේ? කෙල්ලො පලහිලව් තිබුනද... පස්සෙ බැරිම තැන මල පැනලා හිරුන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා මම ඒකිගේ කට පියෙව්වා. 

හිරුන්ගේ පොත්වලට බැංකුවෙන් සල්ලි ගත්ත කතාව අම්මට කියන්න අදහසක් නොතිබුනත් අන්තිමේදී නොකියා ඉන්න බැරි වුනේ දාපූ සීට්ටුවකට සල්ලි මදි වෙලා අම්මා මගෙන් රුපියල් හාරදාහක් ඉල්ලද්දියි. 

"ඒ ළමයා සල්ලි ආපහු දේවි නේද...?"

"ඔව් අම්මා... නොදී ඉන්නේ නෑ..." 

"මේ අත නිසා තමයි ඔක්කොම..." අම්මා මිමිනුවේ තමන්ටම දොස් කියාගන්න හඬකින්. "නැත්තං මං උඹ ඉතුරු කරන සතේ ඉල්ලන්නේ නෑ..."

"එයා සෙනසුරාදට සල්ලි දේවි අම්මා... මම එතකොට දෙන්නම්. සීට්ටු සල්ලි සෙනසුරාදා හවස දෙන්නම් කියන්නකො... තව එක දවසනේ..."

"මං කලින් ඇහුවෙත් නෑ, හොඳ නැති නිසා... දැන් එතකොට ඔය පන්තියෙන් කීයක් හම්බෙනවද?" 

"පැයකට දාහ ගානෙනේ..."

අම්මා පුදුමය පළ කරන්න වගේ ඇහිබැම උඩට ගිය හැටි මම දැක්කා. සමහර ගුරුවරු ඊටත් වඩා පුද්ගලික පන්තිවලට අය කරනවා කියලා මම නොකියා හිටියා. 

හිරුට හොරෙන්Where stories live. Discover now