හිරුට හොරෙන් - විසිපහ

4.2K 629 146
                                    



"මොකද හොරගල් ඇහිඳ ඇහිඳ උඩටයි පහලටයි යන්නේ?" අම්මා වැකියුම් කරනඑකත් නවත්තලා අතක් ඉනට තියාගත්තා.

පපුව දෙදරුම්කනවා.

අම්මට කියනවා කියලා හිතාගත්තට දැනෙන්නෙ පුදුම බයක්. තියෙන තත්වෙ උඩ නොකියත් බෑ. අනික් පැත්තට අම්මට කිව්වොතින් ප්‍රශ්නෙ දුගුණ වෙන්නත් බැරිකමක්නෑ. අම්මා කොච්චර මට ආදරේවුනත්... මම මානසත්එක්ක සම්බන්දයක් තියාගෙන ඉන්නවා කියලා දනගත්තට පස්සේ...?

තිසත්ට කිව්වම ඌ හරියට වචනයක් කිව්වෙ නැ.. ගෝත යකා! මට තේරුම්ගන්න පුලුවන්. මේ බයිසිකලේ පදින්න ඉගෙනගත්තා කියලා කියනවාවගේ දෙයක් නෙමෙයි. සමහරවිට තිසත් හිතන්න ඇති අම්මාගෙන් යහපත් ප්‍රතිචරයක් නොලබුනොතින් මම ඌත්එක්ක තරහවෙයි කියලා.

මානස නම් විරුද්දත්වයක් දැක්කුවේ නෑ. එයා කිව්වේ අම්මාගැන එයාට තෙරුන විදිහෙන් අම්මා මේ කරනාවගැන විවෘත් අවිදිහට දකියි කියලලු.

දවස් ගානක් හිස්සෙම අද නෙමෙයි හෙට කියනවා... අද නෙමෙයි හෙට කියනවා... උදේ නෙමෙයි හවසකියනවා... හවස නෙමෙයි හෙට උදේ කියනවා කියලා හිතහිතා කල්දමදමා ඇවිල්ලා දැන් කල්දමන්න බැරිතැනටම ඇවිත්.

රෑට නින්ද නොයනතරම්... ගියත් ආයෙමත් ටිකවෙලාවකින් ඇහැරෙන්නෙ අම්මාට කිව්වොත් මොකකින් මොකක්වෙයිද කියලා කල්පනාවෙලා.

අම්මටත් වෙනස තේරෙන්න ඇති.. මොකෝ අම්මා අවදානෙන් නැතුව නෙමෙයිනේ ඉන්නෙ. "මොකද ප්‍රශ්නෙ? ඇයි අමුතුවෙලා ඉන්නේ...?" කියලා අම්මා කිහිපපාරක්ම මගෙන් ඇහුවෙ ඒන්සා කියලා මට විශ්වාසයි.

මම මුකුත්ම නොකියා පඩිපෙලේ ඇත්වැටට හෙත්තුවුනා.

ආයෙම කාමරෙට ගිහිල්ලා හැඟෙන්නත් හිත. ඒක මීටවඩා ලේසියි. ඒත් මෙ කිසිම දෙයක් තවදුරටත් කල්දාන තරම් ඉඩක් නැතිබව තේරුම්ගත්ත මම පඩිපෙලේ අත්වැටේ ලී කනු අතරින් අම්මාදිහා බැලුවා.

"ප්‍රශ්නයක් නම් කියන්න ළමයෝ..." අම්මා ආයෙමත් කිව්වා. එයාගෙ කටහඬින්ම මමගැන වදවෙනවාඅ කියලා මට පැහැදිලියි.

හිරුට හොරෙන්Hikayelerin yaşadığı yer. Şimdi keşfedin