මම තනියෙම හිනා වෙනවා. පොත දිහා බලාගෙන... හිනා වෙලා කට දෙපැත්තත් රිදෙන තරම්.
එක පාරක් ඉස්කෝලේ තිබුණ මෝටිවෙශන් සෙමිනාර් එකකදි ආදරේ ගැන කිව්ව කතාවක් මට මතක් වුනා.
ඕවලට ගිහිල්ලා අපේ කොල්ලො පිටි පස්සට වෙලා හීනියට කතාවක් දාගෙන ජෝක් එකක් කරගෙන... වැලක් බලාගෙන ඉන්නවා මිසක් කියන දේවලට ඇහූන්කන් දෙනව බොහොම අඩුයිනේ.
ඒත් මේ කතාව කරද්දී නම් මුලු ශාලවම හුම් නැතුව අහගෙන හිටියේ හැමෝටම ලව් කියන්නෙ මොකක්ද කියලා දැනගන්න තිබ්බ උනන්දුව නිසාද කොහේද!
ප්‍රේමය කියන්නෙ කරන දෙයක්ලු.
සෙනහස කියන්නෙ ප්‍රේමය දැනෙන විදිහලු.
එතකොට ආදරේ?
ආදරේ කියන්නෙ ශක්තිජනක සිතුවිල්ලක්... නත්නම් හැඟීමක්ලු.
ඒ වෙලාවෙදි මට කතාව හරියටම මිටර් වුනේ නෑ. එකෙක් දෙකෙක් නම් කට කොණකින් හිනා වෙලා "සිරාවට මූ කියන්නෙ ඇත්තඩෝ!" කියලා කියනනවා මම අහගෙන.
නමුත් මට තෙරුනේ නැහැ.
ඒ මානසව හම්බුවෙලා ගෙදර එනකල්.
ගෙදරට අවේ පාවෙලා වගේ. "මොකෝ මෙච්චර පරක්කු?" "හොර පූසා වගේ හිනවෙන්නෙ කොහෙද ගියේ?" අම්මා මම ගෙට ඇතුලු වෙද්දිම ඇහුවා.
මට කට උත්තර නෑ! මම අම්මටත් කම්මුලට කිස් එකක් දීලා පඩිපෙල දිගේ උඩට දිව්වා.
නාලා කාමරේට ගිහින් පාඩම් මේසේ ඉඳගෙන පොත දිහා බලාගෙන හිනාව. ටොකුත් ඇන ගත්තා හිනාව නවත්ත ගන්න.
පපුව පිම්බෙන්න සතුටක්. ඇඳ කතා කරනවා එන්න පෙරලෙන්න කියලා. මානසය වගේ කොට්ටෙ තුරුල් කරගෙන එහාටයි මෙහාටයි පෙරලෙන්න කියලා.
පොත පෙරල ගෙන ගානක් හදන්න ගත්තට කිසිම විදිහකට හිත එකඟ කරගන්න බෑ. මතක් වෙන්නෙම පාරෙදි මානසයා මා දිහා බලාගෙන හිටි හැටි!
අම්මා කන්න එන්න කියන කල් වෙලාව ගත වුනාද කියලවත් මට දැනුනේ නෑ.
"බඩගිනි නැතෝ!" මම කාමරේ ඉඳගෙනම කෑ ගැහුවා.
අම්මා කාමරෙට ඇවිල්ලා ඔලුව දාලා බැලුවා. "වෙනදට ප්‍රැක්ටිස් ගිහිල්ල ඇවිල්ලා නාලා ඉවර වෙච්ච ගමන් පිඟාන උස්සගෙන එනකෙනා... මොකද වෙලා තියෙන්නෙ?"
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...