හිරුට හොරෙන් - විසිඅට

3.2K 573 68
                                    


මානසට බැනලා වරුවක්විතර ගියාට පස්සේ බැනපුඑක වැරදියි කියලා හිතෙන්න අරගෙන.

දෙතුන් ගමනක්ම ආයෙමත් කතාකරලා සමාවගන්න හිතෙනකොටම- ආයෙමත් ඌ මූර්ති සර්ට කතාකලේ මගෙන් අහන්නෙ නැතුව කියලා මතකෙට එනවා.

එතකොට ආයෙමත් කේන්ති යනවා.

'පාරෙ යන්න බැරිවෙන්නෙ ඔයට විතරක්ද?'

මානසගේ වචනටික අතදිගහැරලා මට ගහපු කම්මුල් පාරක්වගේ.

ඇත්ත! මම මගේ පැත්තෙන් මොකකද වෙන්නෙ කොහොමද ගැලැවෙන්නෙ කියලා කලබලවෙලා හිතුවට... මානසගේ පැත්තෙන් පොඩ්ඩක්වත් නොහිතපුහැටි! හිතුවේ නැහැමත් නෙමෙයි. 'මම බැලුවේ මේක මානසව ගාවගන්නෙ නැතුව විසඳගන්නද?!' සිතුවිල්ලක් මතුවුනාට ඇත්තමත් නෙමෙයි. මානස මටවඩා විවෘත කෙනෙක්බව ඇත්ත. ඉස්කෝලෙදිවුනත් එයාගේ කැමැතිඅකැමැතිකම් අනිතයට විහිලුවක් තරමිනවත් කියන්න සමහරවෙලාවට බයවුනේනෑ. එහෙම තත්වයක්උඩ මානසට ලොකු ප්‍රශ්නයක් ඇතිනොවේවි කියල කල්පනාකලාට... මානසගෙ අම්මා... එයාගේ නංගී... කැම්පස්‍ යන්න පටන්ගත්ත කාලෙක එයාගෙ බැජ්එකේ යාලුවෝ මානසදිහා මොනවිදිහකට බලන්න ගනීවිද කියලා චුට්ටක්වත් මම නොහිතපුහැටි?

මට ස්පොර්ට්ස් ෆීල්ඩ්එකේ වෙන්න පුලුවන් රැවුම්බැලුම්... අමනකතා තරමින්ම මානසටත් අපහසුකම් ඇතිවෙන්න තිබුනා. ඒ අතින් මානස මූර්ති සර්ට කතාකරලා ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න උත්සහකරපු එකේ වැරැද්දකුත් නැහැ.

අනෙක... මම මානසගැන අම්මාට කිව්වේ!

"ඒත් ඒ බුරුවා මොකටද මගෙන් අහන්නෙ නැතුව සර්ට කතාකලේ?"

අම්මාට කියපුඑක වෙනස්... මූර්ති සර්ට කියපුඑක වෙනස්! මම මාවම සාදරණීකරණය කරගත්තා.

වෙනදානැති විදිහට සැරින්සැරේ ෆෝන්එකදිහාවට ඇස්‍යනවා. මම බලපොරොත්තුවුනේ මානසගෙන් කෝල් ... නැත්නම් මැසේජ්එකක්වත් එයි කියලද? නැත්නම් ඩේමියන් අයියගෙන් පණිවිඩයක් එයි කියලද?

මටම හිතාගන්න බැහැ.

ඇතිවෙලා තියෙන තත්වේගැන කේන්තිය යන්තම් අඩුවෙනවත් එක්කම දැනෙන්නගත්තෙ බලාපොරොත්තු කඩවුනගතියක්එක්ක වෙදනාවක්. ඉස්කෝලේ යනකාලෙදි එකම යලුවෙක්වත් අමනාපවුනාම නොදැනුනවිදිහේ හිත් රිදිල්ලක් මතුවෙනකොට, ඊළඟට ලැජ්ජාවකුත් ඇතිවෙන්න අරගෙන.

හිරුට හොරෙන්Where stories live. Discover now