"මොකද දෙන්නා නිකං හොල්මනක් දැකලාවගේ?" තිසත් එහා කෙලවරේ හිටගෙන දෙතුන්ගමනක් අපිදෙන්නා දිහාබලලා නලල රැලිකරගත්තා.
තුන්දෙනාම ඉඳගෙනහිටියේ බස්එටෑන්ඩ් එකේ මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න කෙලවරකටවෙන්න හිටගෙන. හිරුන් බිමබලාගෙන කල්පනා කරනවා. මම හිරුන්දිහා බලාගෙන එයා වචනයක් කියනකල් බලාගෙන ඉන්නවා. තිසත් අපිදෙන්නාදිහා බලාගෙන මොකක්ද අවුල කියලා කල්පනාකරනවා.
"මොකෝ බංවෙලා? එනටිකට වචනයක්වත් කිව්වේ නෑ!" අපිදෙන්නා අතරේ වලියක්වත් යන්නඇති කියලා තිසත් හිතුව පාටයි. "දෙන්නා වලියක්වත්දාගත්තද?"
"මම හිතන්නේ ඩේමියන්දැක්කා අපිදෙන්නව-" හිරුන් අන්තිමට කිව්වා. එයාගෙ හඬ දෙතුන්ගමනකින් මැද්දෙන් බිඳුනේ කටින් වචන පිටකරගන්න අමාරුවෙන්වගේ.
තිසත් කටත් ඇරගෙන තත්පරයක්බලාගෙන හිටියා.
හිරුන්ගේ ෆෝන්එක අතරගත්තේ මැසෙජ්එකක් එනවා සද්දෙ ඇහෙනවත්එක්කම.
ගියේ වට්සැප් එකට.
ෆෝන්එකදිහා බලාගෙනහිටි හිරුන් ඇස්දෙක වහගෙන දත්මිටිකාගත්තා. පස්සේ ඩිස්ප්ලේඑක මගේ පැත්තටදික්කලේ මටත් බලන්න.
චැට්හෙට්එක තිබුණේ ඩේමියන් අයියගේ නමින්.
එවලා තිබුනේ තත්පරතිහක විඩියොවක්. බාගයක්දැනටමත් ප්ලේවෙලා.
පැවිලියන්එක ඇතුලෙදි ඩේමියන් අපිවදැක්කබවක් විශ්වාසකරන්න මම පැකිලුනේ හිතටදැනුනු බයහින්දා. බය නැතිකරගන්න ඇත්ත තත්වය ප්‍රතික්ශේප කරන්න ඔලුව මහන්සිගන්නාති. ඒත් හිරුන් නාගෙන එන්න ගත්ත විනාඩි දෙකතුනපුරාවටම ඩේමියන් අපිදිහාබලලා අතවනාගෙන ගියහැටි මට අමතකකරන්න පුලුවන්වුනේ නෑ
ඩේමියන් මේගැන දන්නවා. ඒකේ විශ්වාසයි.
සමහරවිට ඌට හිරුන්ගෙයි මගෙයි සම්බන්දෙගැන අඩුමගානෙ සැකයක්වත් තියෙන්නඇති! නැතිවෙන්න බෑ! ඩෙමියන් අපිදෙන්නව ෆොලෝකරා කියලා හිතන්න ඉඩකඩතිබුනත් මට දැනුනේ මධුරව තරඟේ ඉවරවෙලා ගෙදරඑක්කගෙන යන්න එන්නඇති කියලයි.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...