හිරුට හොරෙන් - පහ
මම කලාස් එකට ආවෙත් බයෙන් බයෙන්.
ඔව්... කළ කිරීමකින් නෙමෙයි. බයකින්.
පහුගිය සති දෙකේ දී හිරුන් පංතියෙ දී හැසිරුණේ මම අදෘශ්‍යමාන කෙනෙක් ගානට සලකලා. ඉඳහිට බලන කොට අහම්බෙන් මගේ ඇස් එයාගෙ ඇස්එක්ක යාවුනොත් හිරුන් තත්පරේට අහක බලාගත්තේ සුපුරුදු කේන්ති බැල්මෙන්. ඒ ඇරෙන්න අපි දෙන්නාගේ අතරේ වචනයක්වත් හුවමාරු වුනේ නෑ.
පලවෙනි දවසේ තේ විවේකයෙ දී කරපු පුහු තර්ජනේ හිරුන්ට අමතක වෙලා කියලා මම කීයටවත් හිතුවෙ නෑ. ඒක පුහු තර්ජනයක්මත් කියන්නත් බෑ. වත්සලා ඇන්ටි නොහිටියා නම් හිරුන් කතා කරන්නෙ වචනවලින් නෙමෙයි කියලා මම දන්නවා!
හිතට බයක් ආවේ හිරුන්ගේ තර්ජනේට වඩා මම භාරගත්ත රාජකාරිය හරියට කරගන්න බැරි වෙවි කියලා හිතෙන කොටයි.
කලින් කොහොම හිතාගෙන හිටියත් දෙවෙනි දවසේ පන්තිය ඉවරවෙන කොට මම හිටියේ මානසිකව හෙම්බත් වෙලා. කතා කරන්නෙ නැති කෙනෙක්එක්ක පංතියක් දිගට ගෙනියන්න තරම් ඉවසිල්ලක් මට හොයාගන්න පුළුවන් වුනේ නෑ.
තුන්වෙනි සතියේ පන්තයට යන ගමන් මම හිතා ගත්තේ, හිරුන්ගේ පන්ති කිරිල්ල ලබන සතියෙන් ඉවර කරනව කියලා වුනත් හිරුන්ලගේ ගෙදරට ඇතුල් වෙද්දිම ලොකු අමුත්තක්.
වෙනදට මම ගේ ඇතුලට එනකල් පාඩම් මේසෙට වෙලා බලාගෙන ඉන්න හිරුන් ගෙට්ටුව අරින්නත් ආවා! ගේට්ටුවෙන් හිරුන්ගේ ඔලුව මතුවෙද්දී මගේ ඇඟට කඩාගෙන පනීද කියලා හිතුනත් එයාගේ මුහුණේ බලෙන් වගේ එල්ලන් හිටිය හිනාව මගේ අදහස වෙනස් කළා.
බලෙන් මවාගෙන හිටියත් ඒක හිනාවක්නේ!
හිනාවට හිරුන්ගේ මූණ සම්පුර්ණයෙන්ම වෙනස්.
ඉස්කෝලෙ යන කාලෙ එයාගෙ ගැන්සියේ යාලුවො එක්ක ඉන්ටවල්එකට පඩිපෙලක මුල්ලක් අල්ල ගෙන කිසිම වග විභාගයක් නැතිව කතා කරන වෙලාවල්වල... යාලුවොත් එක්ක කඩේකට ගිහිල්ලා එකම මයිලෝ එක බෙදගෙන බොන අවස්තාවල්වල... සමහර දවස්වලට බැඩ්මින්ටන් තරඟවලින් දින්නම සහතික ගන්න ස්ටේජ්එකට නගින වෙලාවල්වල... එයාගේ මුණේ තිබුණ හිනාව වගෙම ඇත්ත හිනාවක්.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...