හිරුට හොරෙන් - දහනවය

3.8K 616 75
                                    


“තව ඉතිං ල.බ්බ.ද කියවන්නෙ?!” කසුන් අයියගේ කටහඬට මමත් ගැස්සිලාගියා. 

වටේ එකතුවුනු මිනිස්සු සර්කස් රවුමේවගේ තාම එහෙමම බලාගෙන ඉන්නවා. බයිසිකලේ කානුවෙන් අරගෙන මටවත් මානසටවත් ලොකු හානියක් නැහැ කියලා දැනගත්ත හැටියෙම නතරවුන වාහන පෝලිම් ඉස්ස්‍රහට ඇදෙන්නගත්තා. මානස වෙව්ලනවාමිසක් වචනයක්වත් කතානෑ. තිසත්ට කතාකරලා ඇක්සිනඩ්වුනා කියන පමාවට විනාඩි පහලවක්වත් යන්නකලින් ඌ කසුන් අයියත්එක්ක ඇවිත්. හුස්මක්ගන්න පුලුවන්වුනේ එතකොටයි.

හැප්පුන විල්එකේ හිටියෙත් තරුන කොල්ලෙක් කොන්ඩේ ඩ්‍රෙඩ්ලොක් ගොතාගෙන වටේටම අලවගෙනහිටිය ගංජාකොල ස්ටිකර් දැක්කම ඩයල්එක මොනවගේද කියලා බලගෙනඉන්න ඕනේ මිනිහෙක්ට කියතෑකි. කසුන් අයියාත් සෙකඩ්වෙන්නෙ නැතුව උගේ වාහනේටම ඔලුව ඔබාගෙන කෑගහනවා.

“ආහ්? උඹට ලයිසනුත් නෑ! මදිවට දෙකවෙන්න බීලා! පොලිසියට යන්නත් එපාලු! අඩෝ පොලිසියට ගියොත් අඩුම විසිපන්දාහ! අපිත් කොල්ලො නිසාතමයි යකෝ බයිසිකලෙ හදාගන්නයි බෙහෙත් ගන්නයි පහලවක්දීපං කිව්වෙ!” කසුන් අයියගේ පපුව වෙගෙන් උස්පහත් වෙනවා. එච්චරවෙලා මාලඟහිටිය තිසතුත් අත්දෙක මිටිමොලවගෙන එතනට ලංවුනා. “දුන්නනම් දැං රෙද්දක් කියවන්නෙ නැතුව පලයං!”

හරියටම සිද්දඋනේ මොකක්ද කියන්නත් මට මතකනෑ. 

දැක්කේ ත්‍රීවිල්එක යන්තමින් පැත්තකින් වේගෙන් මතුවෙනවා විතරයි.

ඊළඟ මොහොතේ මුලු ලෝකෙම උඩුයටිකුරුවුනා.

කන්දෙක කීං… කීං ගානකොට මානසගෙ කටහඬ දුරඈතකින් වගේ යන්තමින් මට ඇහුණ මතකයි. ඊලඟ විනාඩි පහේදී හැමැදෙයක්ම දැනුනේ බොඳවෙලාගිය චිත්‍රයක් විදිහට. වමඅතේ වෙදනාව ටිකෙන්ටික වැඩිවෙනකොට මැනික් කටුවලඟ ඉදිමෙන්න ගත්තේ ඇස්පනාපිටමයි. මුහුනට තුවාලයක් නැතත් කම්මුලහරියත් නිකටලඟත් තැලුම් වෙදනාව. වම්අතේ වැලමිට ලංගත්… කොට්න් කලිසමේ දනිස්සගාවත් ඉරිලාගිහිලා හම ලෙලිගිහින්. 

එකතුවුනු මිනිස්සු දෙන්නවම එතනම තිබුණ කඩේට එක්කගෙන ගියාම කඩේ ගෑනුකෙනා ඉක්මනට පුටුදෙකක් ඇදලා වාඩිවෙන්න හරිගැස්සුවා. මානස මගේ එහාපැත්තේ. කවුදෝ මන්දා දෙන්නගෙම අතට කිරිපැකට් දෙකක්දුන්නා. හිතේ ගැස්මට මානස කොයිතරම් වෙව්ලුවද කිව්වොත් එයාගේ අතේ කිරිපැකට්එකත් වෙව්ලනහැටි මමහිටිය තැනටත් පෙනුනා. දැන්නම් එයා ගොඩක් සන්සුන්වෙලා… උරහිස් හිටිගමන් ගැස්සෙනවා විතරයි.

හිරුට හොරෙන්Where stories live. Discover now