හිරුට හොරෙන් - දොලොහ

4.2K 652 59
                                    

පපුව තාමත් වේගෙන් ගැහෙනවා.

මධුර වැඩ්ඩා. ඉස්සර ඉඳන්ම සෙල්ලම් කලේම ඇටෑක් එකට. ඌ එක්ක සෙල්ලම් කරලා ලීඩ් එකකින් දිනන්න ලේසි නෑ. මධුරගේ අලි ඔලුවයි දිරවගන්න බැරි පණ්ඩිතකමයි නැත්නම් ඔච්චරම සතුටු නොහිතෙන්නත් තිබුණ.

ඒත් මම දින්නා.

"උඹ දන්නවද මානසයා එනවා කියලා?"

මානස බැල්කනියේ දොරින් පහළට එන පඩිපෙළ බහින්න අතුරුදහන් වෙනවා බලාගෙන ඉන්න අතරේ මම තිසතගෙන් ඇහුවා. තිසත් තාමත් හීනාවීගෙන. හරියට මැච් එක දින්නේ ඌ වගේ.

"මට නං මුකුත් කිව්වේ නෑ..." තිසක් කිව්වේ අර එපා කරපු විදිහට බැඩ්මින්ටන් රැකට් එක අතිනඅතට මාරුකරන ගමන්.

මට මතක තියෙන කාලෙකට ඒ පුරුද්දනිසා හිතට ලොකු කේන්තියක් නාවේ ඒ මොහොතෙදි තමයි.

ඒ මේ දැන් තරඟයක් දින්න නිසා මිසක්, මගේ ෆෑන්බේස් එකට එකතු වුණු අලුත්ම සාමාජිකයා හින්දා නෙමෙයි කියලා මම මටම කියා ගත්තා.

ඊයේ හවස කතා කරලා පන්ති තියන්න වෙන්නෙ නැහැ කියද්දී මානස ටූනමන්ට් එක බලන්න ඒවි කියලා හිතේ කොනකවත් තිබුනෙ නැහැ. මානස එහෙම දෙයක් ඇඟෙව්වෙත් නෑ. තාත්තාගේ තැනට ඩේමියන් අයියා ඇවිල්ලා ඉන්නවා දකිද්දී දැණුන සතුට වගේ දෙතුන් ගුණේක සතුටක් මානසව පලවෙනි පාරට දකින කොට හිතට ඇති වෙලා.

මානස සෙනඟ අතරින් ඇවිදගෙන එනවා.

එයා මා තරම්ම උස නැති වුනත් දඬු දිගයි. 'බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න හොඳ අත් කකුල්...' මානස එයාගේ සුපුරුදු තොල් දෙක එකට තදකරගෙන දාන හිනාවත් මූනේ තියා ගෙන මා දිහාවට - අපි දිහාවට - ඇවිදගෙන එනකොට මම අතේ තිබුණ පොඩි ටවල් එක කර වටේට දාගත්තා.

"හෙලෝ තිසත්!" මානස එකටම කතා කලේ තිසත්ට. ඌ සැලියුට් එකක් දාලා අපි හිටිය තැනට ආපූ උගේ ටීම් එකේ සාමාජිකයෙක්ට කතා කරන්න අනික් පැත්ත හැරුණා. 'කන්ග්‍රැජුලේශන්ස්! කිව්වනේ දිනනවා කියලා!"

"තෑන්ක්ස්!" මම කිව්වේ මගේ හිනාව තවත් ලොකු වෙද්දි. අත් දෙක සාක්කුවෙ දාගත්ත මානස නුහුරු ගතියකින් වටපිට බැලුවා.

හිරුට හොරෙන්Where stories live. Discover now