හිරුට හොරෙන් - විසිඑක

3.7K 591 53
                                    

“ඩේමියන්නේ?” මම රහසින් කෙඳිරුවේ හොරකමක් කරන්නාඅපු මිනිහෙක්ගානට. “ඔයා කිව්වේනෑ එයා එනවාකියලා!”

“මම දන්නෙත්නෑ!” හිරුන් ඇඳුම හදාගත්තා. “බයවෙලාවගේ ඉන්න එපා ඕයි! මොකෝ අපි වැරැද්දක්කලාද?” හිරුන් කිව්වේ මගේ අතක් සීරුවේ අතගානගමන්.

වැරැද්දක් කලානේන්නම් කියලා කියන්න හිතුනත් මම කටපියාගෙන හිත සන්සුන්කරගන්න ගැඹුරු හුස්මක් ඇදලාගත්තා.

“මොකද කරන්නෙ දැන්-?”

“මොකද කරන්නෙ අහන්නෙ? තමුසෙට පිස්සුද මානස?! මුකුත් කරන්න දෙයක් නෑ!” හිරුන් හන්තම්හිනාවුනා. ඒත් ඒ හිනාවට යටින් එයාත් තරමක් තිගැස්සිලා කියලා මට පෙනුනා. “ශුවර්එකටම අම්මා කියන්න ඇති පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා… අපි ශේප්එකේ සාලෙට ඇවිදගෙන ගිහින් වැඩේ පටන්ගමු. එච්චරයි…”

මම හිරුන් පිටිපස්සේ සාලෙට ඇවිදගෙනගියේ එලියේ නවත්තලා තිබුන කාර්එකදිහවට ඇහැගහගෙන. ඩේමියන් එකපාරටම ආවේනෑ. ඌ ඒක ඇතුලටවෙලා කල්මැරුවේ මොකටද? මට හිරුන්ගෙන් අහන්නත් හිතුනා වෙනදටත් ඔහොම කාර්එක ඇතුලටවෙලා ඔත්තුබල්නවද කියලා.

මම නවත්තපු තැනින් විද්‍යුත් රසයනේ ගාණහදන්නගත්තා.

ඩේමියන් ඇවිල්ලා දොරලඟ ආයෙමත් ටිකවෙලවක් හිටගෙන ඉන්නකොට කියන්න ගියදේවලුත් දෙතුන්ගමනක් පැටලුනා. “රිලැක්ස්….” හිරුන් තොල්වලින් මැතිරුවේ ඔලුවත් තාලෙකට වනන ගමන්.

“ආහ්… මේ අපේ කෙමිස්ට්‍රි සර්නේ!” ඩේමියන් අපේ පාඩම් මේසේපැත්තට ඇවිදගෙනආවේ කටපුරෝලා හිනාවකුත්දාගෙන. මහ කට්ට හිනාවක්. “මම බැලුවා මොකද ගේට්ටුව ඇරලාදාලා තිබ්බේ කියලා…” 

ඩේමියන් හිරුන්ගේ කසින් අයියා කියල දැනගත්තට එතෙක් වෙනකල් ඌව මුහුනටමුහුන හම්බුනෝතින් හැසිරෙන්නෙ කොහොමද කියලා මම නිකමටවත් කල්පනාකරලා තිබුනේ නෑ. එහෙම හිතන්න අවශ්‍යතාවයක් නොතිබුනා කිව්වොත් වැඩියෙමත්හරි.

මම ඔලුවයන්තම් වනලා ඩේමියන්ව දැක්කබව ඇඟෙව්වා මිසක් වචනෙන් උත්ත්රදුන්නෙනෑ. ඩේමියන්ව දකිද්දිත් මට දැනුනේ තරමක් අප්පිරියාවක්. හිරුන්ව මෙච්චර කාලෙකට මාත්එක්ක අමනාපකරවලා කේන්තිගස්සන්න තරම කට්ටකපටි ගේම්ගහපු මිනිහව දකිනකොට ලොකු කේන්තියක් එනඑක අසාදාරනයිද? 

හිරුට හොරෙන්Where stories live. Discover now