[පුක්ස්... හෙට පන්ති බෑ.]
හිරුන්ගෙන් මැසේජ් එක එනකොට මමහිටියේ පාරෙන් බැහැලා ගෙදරට ඇවිදන් යනගමන්. මම එහෙමම නතරවුනා.
ඉස්සර නම් ඔහොම මැසේජ් එකක් ආවොත් බඩ දඟලන්න අරගෙන මෙලහටත් මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා කල්පනා කරලම. ඒත්... දවස් තුන හතරක ඉඳන් උදේට හවසට රසායන විද්‍යාව ගැන ප්‍රශ්නයක් දෙකක් අහලා හිරුන් කෙටි පණිවිඩයක් එවන්න පටන් අරගත්තම පෙලක් වෙලාවට මම නිකනුත් ෆෝන් එක චෙක් කලේ එයාගෙන් මැසෙජ් එකක්වත් තියේද බලන්න.
[ඒ මොකෝ?]
[වැඩක්තියේ ඕයි!]
[මොකක්ද වැඩේ?]
[මැච් එකක් බූරුවෝ!]
මම හිරුන්ට කෝල් එකක් ගත්තා.
ඕකා කම්මැලිකමට පංති එන්න එපා කියනවා කියල මන්දා? රිංග්ස් දෙකක් යද්දී ඌ කෝල් එක කට් කලා.
[උස්සනවද නැත්නම් මම ඇන්ටිට ගන්නද?]
හිරුන්ගෙන් අනිත් පැත්තට කෝල් එකක් ආවේ මම ඇන්ටිට කතා කරනවා කියලා මැසේජ් එක යවද්දිමයි.
"චී! හරි නාකයි. උස්සන්නලු!" හිරුන් අනෙක් කෙලවෙරෙන් හිනා වෙනවා.
ඒ යකා දැන් හැම වචනයක්ම අල්ල ගෙන විහිලුවට අවකැපෙන කතාවක්මයි කිව්වොත් කියන්නේ. මමත් තිසත් වගේ කිට්ටු විදිහට සලකල නේද කියලත් හිතෙනවා.
අකමැත්තක් නැහැ... සමහර විහිලු අහනකොට හිටපු බුම්මාටුවා හොඳයි කියලා නොහිතුනු වෙලාවලුත් නැතුවම නෙමෙයි.
"ඇයි හෙට බැරි?!" මම හිරුන්ගේ දෙපිට කැපෙන වචනවලට උල්පන්දම් දෙන්න නොගිහින් කෙලින්ම ඇහුවා.
"බොරු නෙමෙයි. අපට ටූනමන්ට් මානස." හිරුන් කිව්වේ හිනාව නවත්ත ගෙන.
"ඔහ්- මම හිතුවා කම්මැලිවත් හිතිලද කියලා." මම කෙලින්ම කිව්වා. එයා එක්ක ගනුදෙනු කරනකොට කෙලින් කතා කරලා වැඩකරන තරමට ලේසියි.
"බොරු කියන්න පිස්සුද? ඇත්තටම... නැත්නම් තිසත්ගෙන් අහන්නවා!" කඩියා වගේ කියපු හිරුන් හුස්මක් හෙලනවා මට ඇහුනා. "කලින් පණිවිඩේ දෙන්න අමතක වුනා... ඒකයි දැන් කතා කලේ... මොකෝ කරන්නෙ? ගෙදරද?"
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්...