Author POV
"ඔමෝ...මේ මොකද මේ කලබලේ..."
ඇය තමන්ගේ කාමරයෙන් පිටතට අඩිය තියන ගමන් වටපිට බැලුවා...මාළිගාවේ හැම සේවකයෙක්ම කලබලෙන් වගේ...සෙබලු ඒ මේ අත දුවනවා...
"ආහ්!!! මොකද මේ??"
ඇය නමින් පාර්ක් ජීහා...ගෝර්යෝ රාජධානියේ රජුගේ එකම දියණිය ඇයයි...ඉතාම සුරූපි කුමරියක්...
ඇය තමන්ගේ හැන්බොක් එක අතින් අල්ලලා පොඩ්ඩක් උස්සගත්තේ ඒක කකුල් අතරේ දිග වැඩි නිසා පැටලෙනවා වගේ දැණුනු හන්දා...කුමරිය ජීහා කිසිසේත්ම තැන්පත් කෙනෙක් නම් නෙවේ...
ඇය කාමරෙන් ඉවතට පැමිණියේ ලොකු ප්‍රශ්නාර්ථයක් හිතට නැගෙද්දී...එහෙම්මම ඇය ඉවතට පැමිණියේ සිදුවෙලා තියෙන්නේ මොකද්ද කියලා බලාගන්න...
"කුමරිය...ඔබ මොකද්ද මෙතන කරන්නේ??"
ඇස් දෙකත් ලොකු කරගන්න ගමන් බලන් හිටපු ජීහාගේ කල්පනාව බිදුනේ ඇයගේ ළගම සේවිකාව වගේම හොද මිතුරිය වුනු සූහාගේ කටහඩින්..
"සූහායා...! මොකද මේ හැමෝම කලබල වෙලා..."
ජීහා තමන් ගාවට එන සූහාගෙන් ඇහුවා...
"බෙක්ජේ රජතුමා අපිට තර්ජනයක් වීගෙන එන්නෙ කුමරිය...රජතුමා හුගක් කලබලෙන් ඉන්නේ...බෙක්ජේ රජතුමා කොයි මොහොතේ හරි ගෝර්යෝ අල්ලගන්න බලන් ඉන්නේ ඒකයි මේ..."
"ඔමෝ!!!"
කුමරිය ජීහා පුදුම උනත් ආපහු හිත කේන්තියෙන් පිරුණා...මොකද තමන්ගේ රටවැසියන්ට ලොකු කරදරයක් වෙන්න යන නිසා...තව වචනයක්වත් කතා නොකල ජීහා තමන්ගේ ඇහිබැමි දෙකත් කේන්තියෙන් රැලි කරගන්න ගමන් සූහා පැත්තට හැරුණා...
"මට පිය රජතුමා මුන ගැහෙන්න ඕනි...!!"
ජීහා එහෙම කියන ගමන් ගෝර්යෝ රාජධානියේ රජුව හම්බවෙන්න ගියා...සූහාත් ජීහා යන දිහා බලන් හිටියේ එයාට බාධාවක් නොකර...
ජීහා කියන්නේ කවුරුත් හිතන තරම් සුකුමාල කෙනෙක් නෙවේ...ඇය සටන්වලට අති දක්ෂ කෙනෙක්...පිරිමියෙකුටවත් හැරෙන්න බැරි තරම් දක්ෂකමක් තිබ්බා...ඒ වගේම එයා හැමදෙයක් ගැනම හරිම පරික්ෂාවෙන් බලන කෙනෙක්...එයාගේ ඇහැට කිසි දෙයක් වසන් කරන්න අමාරුයි...ඒ නිසාම ගෝර්යෝ රජු තමන්ගේ දියණියව ගොඩක් පරිස්සම් කලා...සතුරන්ගෙන් වෙන්න තියෙන කරදර වැඩි නිසා...
YOU ARE READING
SPY LOVE ♥️✔️
Fiksi Sejarah"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...