🔹🔷 04 🔷🔹

486 107 45
                                    

ලොකු ෆයිල්ස් තුනක් එක්ක ඒ සමානම විශාල පොතක් දාල තිබ්බ ඒ කළුපාට බෑග් එක එයා දොග් ගාලා පාර අයිනෙන් අතැරලා දුවගන ගිහින් හන් ගඟ ලග අත්වැටට බර වෙලා හුස්මක් ගත්තේ රාත්‍රියේ හන් ගඟ හරහා හමාගන එන සීතල හුළං වලට ඒ බෙල්ල මුලට වෙනකන්ම දිග කළුපාට කොන්ඩේ නළල උඩ දගකරද්දි...

" නූනා.... ඔයා ඉන්නවා නේද... "
ඒ ගැඹුරු කටහඬ අදත් හඳ ඉස්සරහා ගොඩක් නිවුන වගේම හුරතල් කටහඬක් බවට පත්වුනා...
එයාගේ එක වචනෙකින් වළාකුල් වලට වැහුන ඒ හඳ එලිය එයාගේ මූණට වැටුනේ හැමදාමත් වගේ ඒ මූණේ අහිංසක හිනාවක් මැවෙද්දි...

" නූනාට මාව මතක් උනේ නැද්ද... මට නම් ගොඩක් මතක් උනා... හ්හා මහන්සියි මට අද ... "
එයා ටේහ්‍යුන් ... Job එකේ දෙවෙනි දවසෙදි එයාට එලියට එන්න ලැබුනේ රෑ නවයත් පහු වෙලා .... හිතට නිදහසක් ඕනි කියලා දැනුන නිසා එයා කෙලින්ම ආවේ එයාගේ හිතේ නිදහස රැදෙන එකම තැනට ...
හඳ එක්ක කතා කරන ගමන් ටේහ්‍යුන් අත්වැටට පිටදීලා හේත්තු උනේ ඇගට දැනුන මහන්සි ගතිය නිසා..

" මටත් ඔයාව මතක් උනා කොටි පැටියෝ... "
අත්වැටට හේත්තුවෙලාම ඇස් පියාගන්නවත් එක්කම මිහිරි කටහඬකින් ඇහුන ඒ වචන කීපෙත් එක්ක ටේහ්‍යුන් ගේ පියවුන ඇස් ඇරුනා...

ටේහ්‍යුන් හැරිලා බැලුවේ තමන්ගේ ලගින් අත්වැටට හේත්තු වෙලා ඈත හන් ගඟ දිහා බලාගන ඉන්න ගෑනුලමයා දිහා...
සුදු පාටින්ම නිර්මාණය උන දෙපාවලින් පහලටත් දිග ගවුමක් ඇදපු එයා එයාගේ දිග ලා දුඹුරු කොන්ඩේ හුළගත් එක්ක ගහගන යන්න දුන්නේ ටේහ්‍යුන් ගේ ඇස් ඉස්සරහා දිලිසෙන සිතුවමක් මවාපාන ගමන්...
" මට ඉන්නේ ඉතින් ඔයා විතරනේ ... කොහොම අමතක වෙන්නද..."

ගඟ දිහා බලාගන එයා එහෙම කියද්දි ටේහ්‍යුන් ගේ මූණේ වෙන කා ලගදි වත් නොපෙන්වන හුරුබුහුටි හිනාවක් මැවුනා...

" ඔයා මාව බලන්න ආවද ... "
ටේහ්‍යුන් අයෙත් අත්වැටේ අනිත් පැත්තට හැරිලා ඒ ගෑනුලමයා එක්කම ඈත හන් ගඟ දිහා බලාගත්තේ කොයිතරම් රෑ උනත් ඒ නිල් ඇස් වල ඇදුන සතුට ඕනිම කෙනෙක් ට හදුන ගන්න පුළුවන් තරමට උතුරද්දි....









Moon Eyes 🌒 - Taekook ( Completed )Donde viven las historias. Descúbrelo ahora