" චහ්... පාර්ක් ජීමින් ශී .. අපි ටිකක් කතා කරමු .. මං හිතන්නේ ඔයාගේ ඔලුවේ තියෙන ප්රශ්න ටිකට මං ගාව උත්තර තියෙනවා .. "
ටේහ්යුන් ගේ නිල් ඇස් වලින් බලලා එයා ජීමින් එක්ක දැම්මේ කවදාටත් වඩා සුහදශීලී හිනාවක්...." හහ් මගේ පාරෙන් අයින් වෙනවා මිනිහෝ... මට තමුන් ගෙන් අහන්න දෙයක් නෑ .. මම දන්නවා තමුන් අරාදින්නේ මොකක් හරි කුරුමානමකට කියලා... "
ජීමින්ගෙත් බය නොගෑවුනු තද දුඹුරු ඇස් ටේහ්යුන් ගේ නිල් ඇස් වලට අභියෝග කරන්න ගත්තේ ටේහ්යුන්ට පුංචි තිගැස්මක් ඇති කරලා...එයාට ඕනි උනා ජීමින් මේ තරම් විශ්වාසෙන් තමන්ට වරද කියන්න තරම් එයාට ලැබුන සාක්ෂිය මොකක්ද කියලා දැනගන්න .. අනික ටේහ්යුන් ට සිද්ධ වෙනවා එක්කො ජීමින්ගෙන් ඒ සාක්ෂිය ඈත් කරන්න එක්කො ජීමින්ව ජන්කුක් ගෙන් ඈත් කරන්න..
මොකද ටේහ්යුන් දන්නවා තමන් නිවැරදි බව ඔප්පු කලා උනත් ජීමින් පිළි නොගන්න බව...
ටේහ්යුන් අත්දෙකත් කලිසම් සාක්කු දෙකට දාගන ආයෙත් ජීමින් එක්ක හිනාවක් දැම්මේ ඔලුවත් පැත්තකට ඇල කරලා...
" අහන්න පාර්ක් ජිමින් ශී ... මම දන්නෑ ඔයා මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා .. ඒත් මම දන්නවා ඔයාට ප්රශ්නේ තියෙන්නේ මා එක්ක බව .... ඉතින් අපි කතා කරමු .. මම හිතන්නේ ඔයා වරදවා වටහගන වෙ____"
" කොහෙත්ම නෑ කිම් ටේහ්යුන් ... තමුසේ ආව දවසේ ඉදන් මම තමුන් ගැන හරියට වටහා ගත්තා මිසක මට වැරදිලා නෑ ..
මම දැන් දන්නවා තමුන්ව සැක කරපු එක වරදක් නැති බව .. උඹ මගේ කොල්ලට ලං උනේ මොන එහෙකටද මම දන්නෑ හැබැයි බලාගන්නවා මගෙන් ඒකට ඉඩක් නම් ලැබෙන්නේ නෑ .. "
ජීමින් තවමත් වෙවුලන අතරේ ටේහ්යුන් ට ඇගිල්ලක් දික් කරන් දත්මිටි කමින් බනිද්දි ටේහ්යුන් හිත යටින් එන්න එන්නම පැටලෙන්න ගත්තා..." මට ජන්කුක් හම්බෙන්න ඕනි .. එහාට වෙනවා .. "
ජීමින් ටේහ්යුන් ව තල්ලු කරලා දොර අරින්න හැදුවත් ටේහ්යුන් අත්දෙක සාක්කුවේ දාගනම කිසි ප්රශ්නයක් නැතුව ජීමින්ට ඉඩ දෙද්දි ජීමින් ආයෙත් ටේහ්යුන් දිහා සැකෙන් බැලුවා...
![](https://img.wattpad.com/cover/304016784-288-k948004.jpg)
VOUS LISEZ
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasyඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...