🔹🔷 25 🔷🔹

312 72 77
                                    


ජන්කුක් ජීමින්ගේ හොස්පිටල් රූම් එක ඉස්සරහ පුටු පෝලිමේ වාඩිවෙලා තමන්ගේ හිස බදාගන තාමත් අඬනවා ... ටේහ්‍යුන් හිටියේ එතනම ඉස්සරහින් බිත්තියට හේත්තු වෙලා ජන්කුක් දිහා බලාගන .....

" ජන්කුක් ශී ... බය වෙන්න එපා ජීමින් ශීට මොනාත් වෙන්නේ නෑ .. "

" මට තිබුනා ටේහ්‍යුන් , හ්‍යුන් ගැන බලන්න .. මම cafeteria එකට ගියේ නැත්තන් මෙහෙම දෙයක් නොවෙන්න තිබුනා ... හ්හා ... "
ජන්කුක් ගේ ඇස් දැන් අඬලම හෙම්බත් වෙලා ... එයා කතා කලෙත් හැමදේම හිස් බවකින් වගේ ...

" ඒක ජන්කුක් ශීගේ වරදක් නෙවේ නේ ... "
ටේහ්‍යුන් එහෙම කිව්වෙ වරද කාගෙද කියලා දන්න නිසයි ...

" ඒත් මම දන්නෑ ඇත්තටම හ්‍යුන් මම කෑගහද්දිත් ඒ වගේ පාරට ගියේ ඇයි කියලා ... දෙයියනේ හ්‍යුන් එහෙම මානසිකව වැටෙන කෙනෙක් නෙවේ .. එයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.. ඇයි එහෙම වාහන මැද්දට එයා ගියේ .... ආහ් මට තේරෙන්නෑ ටේහ්‍යුන් මේවා ... ශිට් ශිට් මට බැහැ හ්‍යුන්ව මෙහෙම දකින්න මට පිස්සු හැදෙයි දැන් .. "
ජන්කුක් කෙස් ටිකෙන් ඇදගන්න ගමන් එතනින් නැගිට්ටා ....

" සමහරවිට ජීමින් ශී මොකක් හරි අවුලක ඉන්න ඇති ... අපි දන්නෑ නේ සර් .. "

" අනේ ... හ් හ්‍යුන් මට සමාවෙන්න දෙයියනේ .. "
ජන්කුක් බිත්තියේ ඔලුව හප්ප ගන්න ගත්තේ කෑගහන ගමන් ....

" අ අනේ ජන්කුක් ශීහ් .. "
ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් ලගට දුවන් ආවා ... බිත්තියේ ඔලුව හප්පන ජන්කුක් ව එයා පස්සට ඇද්දෙ ඒ වෙද්දිත් ජන්කුක් ගේ ඔලුව පැත්තක් රතුවෙලා තැල්මට ගෙඩිත් ගැහිලා ....

" ම හ් ... මගේ ජීවි__තේ මට ලැබුන බලා_පොරොත්තුව ඒ ටේහ්‍යුන් ... ඒ ජීවිතේ ඔහොම ඉන්නේ මං නිසයි_හ් අහ්... මට බලන් ඉන්න බෑ .. හ්හ් ! "
ජන්කුක් ඉකි ගගහා අතකින් මූණ වහගත්තේ ටේහ්‍යුන් හුස්මක් හලලා ජන්කුක් ගේ පිටට තට්‍ටු කරද්දි ....

" ලඟින් ඉන්න අය නැති උනාම දැනෙන වේදනාව දරාගන්න අමාරුයි නේද සර් .. ? "
ටේහ්‍යුන් එහෙම ඇහුවේ තමන්ගේ නිදහස් අත මිට මොලවගන අනෙක් අතෙන් ජන්කුක් ගේ උරහිසට තට්ටු කරමින් ....

Moon Eyes 🌒 - Taekook ( Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin