ටේහ්යුන් අමාරුවෙන් ජන්කුක් වත් එක්කලා එයාගේ කාමරේට ගිහින් නොසැලකිල්ලෙන් ජන්කුක් ව ඇඳ උඩට අතෑරියේ ගැඹුරින් හති දාන ගමන්...
" මේ මිනිහාට මොනා උනාද .. ? "
ලාවට සිහිය එක්ක කෙදිරි ගාන ජන්කුක් නිසා ටේහ්යුන් එහෙම කිව්වෙ ටිකක් අඩු ස්වරයෙන්..."ම්හ්... හ්හා.. හ්යුන්හ්.. හ් "
ජන්කුක් දිගටම අමාරුවෙන් කෙදිරි ගාද්දි ටේහ්යුන් ජන්කුක් ගේ කාමරේ එහෙ මෙහෙ ඇවිද්දේ අතකිනුත් නළල මිරිකන ගමන්..." දැන් මොකද කරන්නේ ... ශිට් මේ මිනිහට සිහි නැති වෙලා කියලා හිතුවේ නෑ නේ... මදැයි ලකුණු දාගන්න ආවා.. ආයිශ් .. "
ඇඳටත් සපත්තුවෙන් පාරක් ගහලා ටේහ්යුන් ගුගුරද්දි ජන්කුක් පුංචි එකෙක් වගේ ඩුවට් එකේ ගුලි වෙන්න දැගලුවේ දැනෙන තද හීතල නිසා.....ටේහ්යුන් ටිකක් වෙලා ජන්කුක් ගේ මේ හැසිරීම බලන් හිටියා... එයාට උවමනාවක් නෑ ජන්කුක් ට ඩුවට් එක වත් පොරවන්න .. එයා දාඩියෙන් පෙඟිලා ගිහින් හිටියා උනත් ටේහ්යුන් කටින් අමුතු සද්දයක් පිට කරලා අහක බලාගත්තා...
" හ්__හ්යුන්... මට__ස් සීතලයි.. හ්හා. ම්ම්.. "
ජන්කුක් වේගෙන් හුස්ම ගන්න ගමන් දිගටම ජීමින්ට කතා කලේ තමන් ලගින් කවුරු හෝ ඉන්න බව දැනුන නිසයි....
ඒත් ජන්කුක් ගේ හිත කිව්වෙ ඒ ජීමින් කියලා...ටේහ්යුන් තවත් හුස්මක් ගත්තා..
" ච් මේ මොන කරච්චලයක් ද ... මම යනවා යන්න .. හෙට ලකුණක් දාන්න බැරියෑ... "
ටේහ්යුන් යන්න හැරිලා කාමරේ දොර ලඟට වෙනකන්ම ගියත් හදිසියේම එයා දැක්කේ බිම තිබුන පුංචි පුංචි ලේ බිංදු ටික....ටේහ්යුන් ටිකක් ඒ හරියට පාත් වෙලා බැලුවේ ඒ ඇත්තටම ලේද කියලයි...
" ලේ .. ? මොහ් සොල්මා .. ! "
හදිසියේම ටේහ්යුන් ව තිගැස්සුනා .. නොදන්නා හේතුවකට එයා දිව්වෙ ඇඳේ වැතිරිලා අමාරුවෙන් ඉන්න ජන්කුක් ලඟට...එතකොටයි එයා දැක්කේ බෙඩ් ටේබල් එක ලඟ බිඳිලා ගිහින් තියෙන සුප් මග් එක....
ටේහ්යුන් විගහට ඇඳ පල්ලෙ හැලිලා තිබ්බ ජන්කුක් ගේ අතෙන් අල්ලන් එයාව තුවාල වෙලාද කියලා බලද්දියි එයා දැක්කේ ජන්කුක් ගේ වම් අත අල්ලේ හම කපාගන වීඳුරු කට්ටක් ගිලා බැහැලා තියෙනවා..
![](https://img.wattpad.com/cover/304016784-288-k948004.jpg)
YOU ARE READING
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasyඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...