🔹🔷 62 🔷🔹

757 78 156
                                    


ජීමින් ගේ වාහනේ ස්ටාර්ට් වෙන සද්දෙ ඇහෙද්දි ටේහ්‍යුන් කකුල් පණනැතුව බිම ඉන්ද උනා ...
" ටේහ්‍යුන් .. ! "
ජින් කලබල වෙලා ටේහ්‍යුන් ගේ ලඟින් බිමට නැමුනා ...

" එයා මට වෛර කරාවි නේද හ්‍යුන් ... "
ටේහ්‍යුන් හිස් බැල්මකින් ඔහේ දොර දිහා බලාගන හිටියා ..

" නෑ නෑ .. එයා ඔයාට වෛර කරන්නෙ නෑ ටේ .. කවදාවත් එයාට බෑ ඔයාට වෛර කරන්න ... මගෙ මල්ලි ජන්කුක් ට ඇත්තටම ආදරේ කලා .. ඉතින් ජන්කුක් කොහොමද ඒ ආදරේට වෛර කරන්නේ .. "
ජින්ට ඇඬිලා ටේහ්‍යුන් ව දැකලා ... ටේහ්‍යුන් ඔහේ පණ ගිය මිනිහෙක් වගේ වෙලා ...

" ඔව් නේද .. ඔව් එයාගෙ ඇස් වල වෛරයක් පෙනුනෙ නෑ හ්‍යුන් ... මම ආදරේ නෑ කියලා කෑගහද්දිත් එයා මගේ දිහා ආදරෙන් බැලුවා .. "
ටේහ්‍යුන් ජින් දිහා ඔලුව උස්සලා බැලුවා .. ඒ නිල් ඇස් ගොඩක් ලා වෙලා .. කදුළු පිරිලා ගිහින් ...

" ටේ ඇයි මල්ලි බොරු කිව්වෙ .. ? මේක විසදන්න ජීමින් එක්ක කතා උනා කිව්වෙ මෙහෙමද ? අන්තිමට හැමදේටම වරද බාරගන අර මනුස්සයගෙ හිතත් රිද්දලා ! ටේහ්‍යුන්__ "

" කූ මට ආදරේ කරපු තරමට එයාව මගෙන් ඈත් කරන්න නන් ලොකු හේතුවක් ඕන උනා හ්‍යුන් ... ඒත් මෙච්චර දෙයක් කියලත් එයා මට වෛර කරන්නෙ නෑ ... ඇයි මගේ කූ මට එච්චර ආදරේ කලේ හ්‍යුන් !? "
ටේහ්‍යුන් එයාගේ අතක් ටයිල් එකට තියලා ගුලි කරගත්තා .. ඒ නිල් ඇස් වලින් ටයිල් එකට කදුළු හැලෙද්දි ජින් අතකින් තමන් ගේ කදුළු පිහදගත්තා ...

" මම ජීමින් එක්ක කතා කරන්නම් ම්ම් .. "

" ඕන නෑ හ්‍යුන් ... එයා ගියාවෙ .. මම එයාට කොච්චර වැරදි කලාද ... එයා මාව විශ්වාස කරද්දිත් මම එයාව රැවැට්ටුවා හ්‍යුන් ..
මට දඬුවමක් ලැබුනාවෙ ... "
ටේහ්‍යුන් කලකිරීමෙන් කියවද්දි ජින් ටේහ්‍යුන් ගේ උරහිස් වලින් අල්ලලා ටේහ්‍යුන් ගේ ලඟින් බිම වාඩි උනා ..

" ටේහ්‍යුන් ඔයා හිතනවද එයා ඔයා නැතුව පැයක් වත් ඉදියි කියලා ආ .. ? ඔයාලා ආදරේ කලා මල්ලි ... අනිත් හැමදේම වරදක් උනත් ඔයාලගෙ ආදරේ වැරදි නෑනේ .. ජීමින්ට මේ දේවල් කිව්ව එකට මමයි වැරදි .. "
ජින් හුස්මක් හැලුවම ටේහ්‍යුන් එයාගේ නිල් ඇස් ලොකු කරලා හදිසියේම ජින් ගේ අත අල්ලගත්තා ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin