ටේහ්යුන් ගේ නිල් ඇස් දිහා බලන ගොඩක් වෙලාවල් වලදි ජන්කුක් ට ලොකු කුතුහලයක් ආවා ටේහ්යුන් ගේ පෙනුම කොයිවගේද කියලා දැනගන්න ... ටේහ්යුන් ගේ ඒ දිලිසෙන නිල් ඇස් වගේම ටේහ්යුනුත් ගොඩක් කඩවසම් ඇතියි කියලා ජන්කුක් හිතුවා ...
ජන්කුක් ට අනුව ටේහ්යුන් කියන්නේ එයාගේ යාලුවෙක් , වෙලාවකට මැනේජර් වගේම තවත් වෙලාවකට එයාගේ හ්යුන් ගේ අඩුව පුරවන්න එයාට ලැබුන බැඳීමක් කියලත් එයාට ටේහ්යුන් ගැන හිතුනා...
වෙරි ගතියට එයාට ටේහ්යුන් ගේ ඇස් දෙක - හතර වෙලා පෙනුනා උනත් ජන්කුක් ටේහ්යුන් ගේ ඇස් හොදට අඳුනනවා ...
මොකද ජන්කුක් මෙච්චර දවසක් දැක්කේ ඒ ඇස් විතරක්ම නිසා... ජන්කුක් ගේ පෙනීම ගොඩක් තියුණුයි ... මූණු බොඳ උනාට ජන්කුක් ට කෙනෙක් ව වෙන් කරලා අඳුන ගන්න තිබ්බ හුරුකම නිසා එයාගේ පෙනීම තියුණුයි ... ඒ නිසාම ටේහ්යුන් ගේ ඇස් කියන්නේ ජන්කුක් ගොඩක් හොදට දන්න දෙයක් ..ඉතින් එයාට මේ තරම් ලඟින් පේන ටේහ්යුන් ගේ ඇස් වල තිබ්බේ අමුතු හැගීම් ගොන්නක් ... ජන්කුක් කියන්නේ කෙනෙක් ගේ පුංචි ඉඟියකින් ඒ කෙනාව වෙන් කරලා හඳුන ගන්න උපන් හපනෙක් ... ටේහ්යුන් ගේ ඇස් වල ගැබ් උන ඒ අමුතු හැඟීම් ජන්කුක් ව කුතුහලේකට ඇදලා දැම්මා ... ඒ නිසාමයි ජන්කුක් ට ඕනි උනේ ටේහ්යුන් ගේ ඇස් දිහා අවධානෙන් බලන්න ... මේ තරම් ලඟට දකින්න ලැබුන නිසා ජන්කුක් හිතාමතාම ටේහ්යුන් ගේ බ්ලේසර් කොලර් එකෙන් අල්ලගත්තා ..
" ජන්කුක් ශී .. "
සීට් බෙල්ට් එක ක්ලික් හඬින් ලොක් වෙද්දි ජන්කුක් ටේහ්යුන් ගේ ඇස් දිහා බලාගන ඇහිපිය ගැහුවා .. ඒවා ගොඩක් ගැඹුරුයි .. ඒ වගේම හරිම අත්භූතයි.... ඒ ඇස් ගැන ජන්කුක් හිතුවේ එහෙම ...ටේහ්යුන් ජන්කුක් ගේ අතෙන් තමන්ගේ බ්ලේසර් එක ගලව ගත්තේ ජන්කුක් වෙරි මතේ නිසා ඒක ඒ තරම් තැකීමකට නොගෙන .. ඒත් ජන්කුක් කියන්නේ ඇල්කොහොල් නොගන්න කෙනෙක් නෙවෙයි .. එයාට ඒවා පේන තරම් නුහුරු නෑ ...
ටේහ්යුන් වාහනේ වටෙන් ගිහින් driving සීට් එකට නැග්ගා ... ජන්කුක් ඔලුව උස්සන්න අමාරු නිසා ඔලුව සීට් එකට බර කරගත්තෙ ටේහ්යුන් වාහනේ ස්ටාර්ට් කරලා පාරට ගනිද්දි ....
![](https://img.wattpad.com/cover/304016784-288-k948004.jpg)
YOU ARE READING
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasyඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...