ටේහ්‍යුන් සුප් බෝල් එකක් එක්ක ජන්කුක් ගේ හොස්පිටල් රූම් එක ඇතුලට එද්දි ජන්කුක් ට ලාවට නින්ද ගිහින් තිබුනා....කොට්ටෙවත් හදාගන්නැතුව හිටි වනම ඇඳේ ඉඳගන ඔලුව පිටිපස්සේ ඇඳේ ඇන්දට තියාන එයාට නින්ද ගිහින් .... අඬලම ජන්කුක් ගේ මූණ මැලවෙලා .. ටේහ්‍යුන් ගෙනාව ට්‍රේ එකත් හෙමින් අහක මේසෙන් තියලා ජන්කුක් ලගින් වාඩි උනා ...
" ඔයා ඇත්තටම මේ තරම් දුර්වල කෙනෙක් ද ජන්කුක් .... ? ඔයාට නපුරු හිතක් නෑයි කියලා මට ඔප්පු කරන්නද ඔයා හදන්නේ .. ?
ඒත් ඔයා තමයි වරද කලේ ..
අහ් නෑ මට බෑ ඔයාට අනුකම්පා කරන්න .. මම ඔයාට වෛර කරන්නයි ඕනි ... ඔයාගේ මේ දුර්වල කම් ඉස්සරහා ඇයි මට මම ගත්ත තීරණය ගැන ආයෙත් හිතන්න හිතෙන්නේ.... ? "ජන්කුක් ගේ මූණට වැටුනු කොන්ඩෙත් හදන ගමන් ටේහ්‍යුන් කල්පනාවක ...
" ජන්කුක් ශී ... ජන්කුක් ශී මම ඔයාට සුප් එකක් ගෙනාවා බීලා නිදියන්න .. "
ටේහ්‍යුන් හෙමින් ජන්කුක් ගේ උරහිසකින් අල්ලලා එයාව හොලවද්දි ජන්කුක් ලාවට ඇස් ඇරියා...." ම්ම්හ් මට එපා "
ජන්කුක් ආයෙම ඇස් පියා ගත්තෙ එහෙම කියලා..." ච් ජන්කුක් ශී ඔයා කාලා නෑ දවල්ටත් ... සෙනී ශී කිව්වෙ මට ඔයාට මොනාම හරි කවන්න කියලා.... "
ටේහ්‍යුන් එහෙම කියද්දි ජන්කුක් විදුලියක් වගේ ඇඳේ කෙලින් උනේ කැනියුලා අතත් පාරගන ..." අහ් ආ.. නූනා .. නූනා මාව බලන්න ආවද ? "
ජන්කුක් මෙහෙම හැසිරෙනවා කියලා තවමත් ටේහ්‍යුන් ට විශ්වාසයක් නෑ ..." හ්හාහ් ආනීයො... මට කිව්වා බලන්න කියලා.. "
ටේහ්‍යුන් බොරු දුකක් එක්ක ඇස් බිමට හැරෙව්වේ ටේහ්‍යුන් ගේ මූණේ හැඟීම් නොපෙනුනත් ටේහ්‍යුන් ගේ ඇස් බිමට හැරුන එකෙන් ජන්කුක් ආයෙත් මූණ ඇඹුල් කරගත්තා...." නූනා මා එක්ක තරහා උන එක සාධාරණයි ... මට හ් බැරි උනා හ්යුන් ගැන අවධානය දෙන්න .. "
ජන්කුක් ට අඬන්න කදුළුත් නෑ ඔහේ හූල්ලනවා මිසක..." ජන්කුක් ශී මේ සුප් එකෙන් ටිකක් බොන්න .. "
" ච් හ්යුන් කාලා වත් නෑ ටේහ්‍යුන් .. මට මොනාත් එපා හ්යුන් නැගිටිනකන් මම බලන් ඉන්නවා .. "
ජන්කුක් ටිකක් තදින් එහෙම කියලා ආයෙම ඇඳේ ඇල උනේ ටේහ්‍යුන් අතට ගත්ත සුප් බෝල් එක ට්‍රේ එකෙන් තියද්දි...

ESTÁS LEYENDO
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasíaඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...