දවස් දෙකක හනිමූන් එකකින් පස්සෙ උදෙන්ම ජීමින් එයාගේ වාහනේම සෙනී එක්ක ගෙදර ආවා.. මහන්සි පිටින්ම ජීමින් සෝෆා එකට වැටෙද්දි සෙනී ඉක්මනට මොනා හරි ඕඩර් කරන්න ගියේ දෙන්නම බඩගින්නේ හිටිය නිසා..." ජිමිනී .. මොනාද ඕඩර් කරන්නේ .. ? "
" මට චීස් පිට්සා .. අහ් සෙනී ගොඩක් spicy කෑම ගෙන්නන්න එපා ඔයාට හොදේ.. "
ජීමින් එහෙම කියද්දි කෙල්ල පුංචි හිනාවක් දාලා ඕඩර් එක දුන්නා.." හ්ම්ම් .. මහන්සිද .. "
සෙනී ජීමින් ලගින් වාඩි වෙද්දි ජීමින් එයාගේ ඔලුව කෙල්ලගේ උකුලෙන් තියාගත්තේ කෙල්ල එහෙම අහමින් ජීමින්ගේ කොන්ඩේ අවුස්සද්දි..." නැතුව .. ඊයේ රෑ මම කොච්චර මහන්සි උනාද .. "
ජීමින් ඇහිබමක් උස්සලා එහෙම කියද්දි සෙනී අත මිට මොලවලා පාරක් කොල්ලගේ අත් බාහුවකට දුන්නේ තරහින් ..." මටයි අමාරු පාබෝ .. අමාරුවෙන් වාහනෙන් බැස්සෙත් .. පේන්නෑ වගේ ඉන්න හැටි ... "
සෙනී ජීමින්ගේ ඔලුව අතගාන එකත් නතර කරලා අත්දෙක පපුවට බැඳන් අහක බලා ගනිද්දි ජීමින් හිනා වෙවීම කෙල්ලගේ උකුලෙන් නැගිට්ටා..." ම්ම්හ් realy ? ඒ මොකද ඒ .. ?"
ජීමින්ට තවත් ඕනි උනේ සෙනීව තරහා ගස්සන්න .. තරහින් ඒ ඇස් ලොකු වෙද්දි ජීමින් ගොඩක් ආස කලා..." ආයිශ් දන්නෙම නැද්ද ආ... දැන් දන්නෑද ? මතක කරන්නද මම කරපුවා එකෙන් එක ආ.. ? "
සෙනී තරහින් ජීමින් ගේ මූණට හැරිලා කෑගහද්දි කොල්ලා ඇස් හීන් කරන් හිනා වෙනවා... කෙල්ලගේ රතු කට්ට පැන්න නිසා එයා හිනාවෙවී ඉන්න ජීමින්ව තල්ලුකරලා සෝෆා එකේ එහා කෙලවරින් වාඩි උනා..." ඔයාට විහිළුද .. ? ඔයා හරි නරකයි චිම් ඔහොම හිනා වෙන්න එපා .. ඇත්තටම මට අමාරුයි මෝඩයා .. "
කෙල්ල තරහින් ආයෙත් අහක බලද්දි ජීමින් හීන් සද්දයක් උගුරෙන් දාන ගමන් කෙල්ල ලගින් වාඩිවෙලා එයාව වැලදගත්තත් සෙනී නෙවේ ගනන් ගත්තේ..." අනේ බබා මියානේ ඉතින් .. "
" ච් එහාට ගන්න ... අල්ලන්න එපා .. දැන් එනවා අනේ ගාගන .. හැම එකටම හිනා නේ මෙයාට ... ඕන්නෑ එහාට යන්න ... "
කෙල්ල රවාගන ජීමින්ව එහාට තල්ලු කරන්න උත්සාහ කලත් කොල්ලා තවම කෙල්ලව වැළදගත්ත ගමන්...

DU LIEST GERADE
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasyඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...