ජන්කුක් වගේම ටේහ්යුන් හිටියේ dinner out එකට ගිහින් ගෙදර එන ගමන් .. ටේහ්යුන් ට ටිකක් මහන්සි දැනුනා .. එයා ඔලුවත් සීට් එකට හේත්තු කරන් ජන්කුක් ගේ අතකින් අල්ලගන ඇස් පියාගන හිටියා ... ජන්කුක් ටේහ්යුන් ගේ අත අල්ලගන අනෙක් අතෙන් ස්ටියරින් වීල් එක කරකවමින් වාහනේ ටිකක් හෙමින් ගෙනිච්චේ ..
ටේහ්යුන් ට මහන්සියට නින්ද යන්න එද්දිමයි එයාට ඇහුනේ ජන්කුක් සද්දෙන් කහිනවා ... ටේහ්යුන් ගැස්සිලා නැගිට්ටා .." කූ .. ? "
" ක් හැහ් .. කැහැහ් .. ! අහ්ම්ම් .. "
ජන්කුක් වාහනේ පාර අයිනට කරලා නතර කලේ හදිසියේම එයාගේ හුස්ම හිරවෙන්න වගේ කැස්සක් ආව නිසා .. එයාගෙ මූණත් එක්ක රතු වෙලා ..." කූ මොකද උනේ ... ? ඉන්න ඉන්න ..කෝ වතුර ටිකක් බොන්න ..."
ටේහ්යුන් ඉක්මනට පිටිපස්ස සීට් එකේ තිබ්බ වතුර බෝතලේ ඇදලා අරන් ඒක ඇරලා ජන්කුක් ගේ අතේ පැටලෙව්වම ජන්කුක් ඉක්මනට වතුර ටිකක් බිව්වා .." අග්හ්ම් .. අහ් .. ක් හැ .. "
ජන්කුක් හුස්මක් ගත්තෙ ඊට පස්සෙයි .. ටේහ්යුන් ජන්කුක් ගේ අත් බාහුවක් අල්ලගන හිටියේ බය උන පාර ..." කූ මොකද උනේ ? උණ ගැනෙන්නද ? "
ජන්කුක් ගේ නලලටත් අත තියලා බලපු ටේහ්යුන් ජන්කුක් ගේ කම්මුලකින් අල්ලගත්තා ..
" ඇගත් රස්නෙයි නේ .. හදිසියේම මොකෝ මේ .. අපි බෙහෙත් ටිකක් අරන් යමුද ? "" ම්හ් nothing ටේ .. ඒක .. ඒක මේ හදිසියේම ආවෙ .. දැන් ටිකක් හරි .. මහන්සියට වෙන්න ඇති .. "
ජන්කුක් ආයාසයෙන් හිනා වෙලා ටේහ්යුන් ගේ අතෙන් ආයෙම අල්ලගන වාහනේ ස්ටාර්ට් කලා ..." නෑ නෑ කෝ ඉන්න .. මම වාහනේ ගන්නම් දැන් ඔයා රෙස්ට් කරන්න .. "
" ච් ඔය ඉතින් _ "
ජන්කුක් ටේහ්යුන් ට රවන කොටත් ටේහ්යුන් වාහනෙන් බැහැලා ඉවරයි .." ඔයා හොදටම මහන්සි පාටයි කූ .. මම වාහනේ ගන්නන් .. "
ටේහ්යුන් ජන්කුක් ගේ පැත්තෙන් දොර ඇරලා ජන්කුක් ගේ අතෙන් අල්ලලා එයාව එලියට බස්සගත්තා .. ජන්කුක් තාමත් කහිනවා .. එයා කැහැ කැහැ ගිහින් පැසෙන්ජර් සීට් එකට නැග්ගම ටේහ්යුන් වාහනේ ගත්තා .. ජන්කුක් කැමති නෑ ටේහ්යුන් ව මහන්සි කරවන්න ඒත් හදිසියේම එයාගෙ ඇඟට අමුත්තක් දැනුනම එයාටත් බය හිතුනා වාහනේ දිගටම අරන් යන්න ..
![](https://img.wattpad.com/cover/304016784-288-k948004.jpg)
YOU ARE READING
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasyඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...