🔹🔷 44 🔷🔹

286 73 64
                                    


ජන්කුක් එක්ක වාහනේට නගින්න හදලත් ටේහ්‍යුන් ආයෙත් වතාවක් හැරිලා බැලුවා .. එයා දැක්කා ගොඩක් ලස්සනට අහසෙ දිලිසෙන පිරුන හඳ වගේම ඒ හඳ එලියෙන් එලිය වෙලා තියෙන පරිසරය .. ටේහ්‍යුන් ගේ හිතට මහා බරක් දැනුනා .. එයාගේ නූනා නැතුව ලොකු තනිකමක් දැනුනා ..

" ටේහ්‍යුන් .... ඔයා හොදින් නේද ? "
තනිකම ගැන හිතමින් හිටිය ටේහ්‍යුන් ගේ උරහිසට අතක් තිබ්බේ ජන්කුක්...

ටේහ්‍යුන් කදුළු පිරුන ඇස් එක්කම ජන්කුක් දිහා හැරිලා බැලුවා ...
" අ .. දේ .. ප්‍රශ්නයක් නෑ සර් .. "

" මට සමාවෙන්න ටේ .. ඔයා මාත් එක්ක ඉන්න අකමැති නම් ඔයාට පුළුවන් යන්න .. මම බල කරන්නේ නෑ .... "
ජන්කුක් ඒක කිව්වෙ ගොඩක් අමාරුවෙන් .. එයාගේ තොල් වෙවුලනවා .. තනිකමට ඒ හිත කොයිතරම් බයද කියලා ටේහ්‍යුන් ට හොදට තේරුනා ...

අනික ...

තනිකම කොහොම වේදනාවක් ද කියලා චේරින් නැතුව ගෙවන මේ එක තත්පරේට ටේහ්‍යුන් ට දැනිලා ඉවරයි ...

වාහනේට නැග්ගයි කියලා ටේහ්‍යුන් වචනයක් වත් කතා කලේ නෑ ..

එයාගේ හිතේ මහා පසුතැවිල්ලක් තිබුනා එයාගේ හැසිරීම ගැන .. එයා ගොඩක් අයගෙ ජීවිත විනාස කලා එක වැරදි වැටහීමක් නිසා ..

ජන්කුක් ගේ තැන ටේහ්‍යුන් හිටියා නම් ටේහ්‍යුන් උනත් ජන්කුක් කරපු දේ කරාවි .. මිනිස්සුන්ට පේන්නේ එක කෝණයක් විතරයි හැමදාමත් වගේ තවත් කෝණයක් හැංගිලාම ගිහින් ... ටේහ්‍යුන් ඒ හැංගුන කෝණෙ මීට කලින් හොයාගත්තා නන් ටේහ්‍යුන් ගෙ හිතට මෙච්චර බරක් දැනෙන එකක් නෑ ..

ටේහ්‍යුන් කතා නොකරන නිසා එන්න එන්නම ජන්කුක් ගෙ හිත බය වෙන්න ගත්තා .. ටේහ්‍යුන් ට යන්න පුළුවන් කියලා කිව්වත් ටේහ්‍යුන් ගේ නිශ්ශබ්දතාව නිසා ජන්කුක් ට හිතෙන්න ගත්තා ටේහ්‍යුන්ට යන්න උවමනා වෙලා ඇති කියලා ..

ජන්කුක් ට ඕන උනේ ටේහ්‍යුන් ව එයාගෙ ලඟින් තියාගන්න .. ජන්කුක් ටේහ්‍යුන් වෙනුවෙන් ගොඩක් ආත්මාර්තකාමී උනා ... මොකද ටේහ්‍යුන් ව ජන්කුක් ට දැනුනේ ජීමින් වගේ .. ජීමින් දන්න හැමදේම දන්න එකම කෙනත් ටේහ්‍යුන් .... ජන්කුක් කොහොම කිව්වත් එයාගෙ හිත කියන්නෙම ටේහ්‍යුන් ව ලං කරගන්න කියලා ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang