ටේහ්යුන් හිටියේ ටිකක් දෙගිඩියාවෙන් ... ජන්කුක් ට ඕන උනේ රියාව හොයාගන්න .. ඉතින් එයා රියාගෙයි ජන්කුක් ගෙයි පරණ ගෙවල් පැත්තට යන්න තීරණය කලේ ඒකයි... කොහොමත් ජන්කුක් ගේ ඔම්මලා දැන් පරණ ලොකු ගෙදර ජීවත් උනේ නෑ ...ඔව් එයාලට අතීතයක් තිබුනා .. රියා ජන්කුක් දෙන්නම ආදරේ කලා .. රියා හිටුයේ ජන්කුක් ගේ ලොකු ගෙදර ලඟම appartement එකේ .. ජන්කුක් ගේ මූණු නොපෙනෙන ලෙඩේත් එක්ක එයාට රියාව දැකගන්න බැරි උනත් එයා රියාට ආදරේ කලා .. රියා දැනගන හිටියා ජන්කුක් ලෙඩෙක් වග .. ඒත් කෙල්ල ජන්කුක් ගේ හිතට වගේම ජන්කුක් ගේ හැසිරීමට පවා ආදරේ කලා ...
එයාලා මුණගැහුනා ... Appartement එක ඉස්සරහ තිබුන ගාඩ්න් බෙන්ච් එකේ එයාලා හැමදාම එකිනෙකා මුණගැහුනා .. ජන්කුක් ආසාවෙන් ඉන්නවා දවසේ රියාව මුණගැහෙන වෙලාව එනකන්ම .. එයාගේ හිතේ චේරින් ගැන හැඟීමක් තිබුනා උනත් ජන්කුක් ආදරේ කලේ රියාට .. රියාගේ අදහස් වගේම ජන්කුක් ලෙඩෙක් වග දැනගනත් රියා කිසි වෙනසක් නොපෙන්වා හැසිරීම ගැන ජන්කුක් ආස කලා ..
එයාලා හරිම පුංචි කාලෙකින් ආදරයකට නැඹුරු උනා .. නොදැනීම ඒ හිත් ආදරෙන් පැටලිලා .. ඒත් හදිසියේම චේරින් ගේ සිදුවීමත් එක්ක ජන්කුක් ට වරද පැටවුන එකෙන් එයා බය උනා රියාගේ ඉස්සරහට යන්න .. මොකද ජන්කුක් ගැන හැමෝටම ආරංචි උනා ... ජන්කුක් ගොඩක් බය උනා වගේම එයාට හිතුනා රියා එයාව දාලා යාවි කියලා ගෑණුළෙමෙක් ට එහෙම දෙයක් කලා කියන චෝදනාව එක්ක ..
ජන්කුක් පැනලා එද්දි උනත් එයා චේරින් ගේ සිදුවීමෙන් පස්සෙ දවස් ගානකට රියාව හම්බෙන්න ගිහින් හිටියේ නෑ .... එයා සෝල් ආවම කොයිතරම් දුක් උනාද , හැමදාම රෑට කොයිතරම් රියා ගෙන් සමාව ඉල්ලලා ඇඬුවද කියලා දන්නේ රෑ හඳ විතරමයි ...
ජන්කුක් ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ රියාට එහෙම නොකියම ආව එකට .. එයා රියාට ආදරේ කලා .. ඒ කෙල්ලට බලාපොරොත්තු දීලා එහෙම පැනලා ආව එකට ජන්කුක් තමන්වම කොන්දක් නැති මිනිහෙක් කියලා හංවඩු ගහගත්තා ..
ඒත් එහෙම්මම එයාට රියා එක්ක ඇසුර නැති වෙලා ගියා .. ඒත් ජන්කුක් ගේ හිතේ රියා වෙනුවෙන් තිබුන ඉඩ ඒතරම් වෙනස් උනේ නෑ ... ටේහ්යුන් වෙනුවෙන් පුංචි ප්රමාණයක් ජන්කුක් තමන්ගේ හිතේ රියාගේ ඉඩෙන් වෙන් කලාට එයා රියාට ආදරේ කලා තාමත් ..
![](https://img.wattpad.com/cover/304016784-288-k948004.jpg)
ESTÁS LEYENDO
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasíaඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...