🔹🔷 60 🔷🔹

301 59 136
                                    


ජන්කුක් ගේ උණුසුමේ ඉඳන් ඇස් ඇරිය ටේහ්‍යුන් ජන්කුක් ගේ නිරුවත් පපුවට ආයෙත් මූණ ගහගත්තා ...

" ආව්හ් .. ටේහ් .. "
ලාවට හීනෙන් හිටිය ජන්කුක් ව ගැස්සිලා ගියා ටේහ්‍යුන් ජන්කුක් ගේ නිරුවත් පපුවේ සියුම් තැනක් දත්වලින් හපලා ඇල්ලුවම ...

ටේහ්‍යුන් හයියෙන් හිනා උනා ජන්කුක් දිහා බලලා ...

" මොකද හිනාවෙන්නේ ආ .. ස්ස් රිදුනා ඒක .. "
ඇඳට බරවෙලා වැලමිට තියලා කොට්ටෙන් ඉස්සුන ජන්කුක් ටේහ්‍යුන් ගේ කන හපලා ඇල්ලුවා ...

" ආව් ඉතින් .. අනේ කූ .. ! "
ටේහ්‍යුන් ගේ කන රතුවෙන්නම හපලා අල්ලගත්ත ජන්කුක් හිනාවෙවී ටේහ්‍යුන් ව ඇදලා තමන් ගේ ඇඟ උඩට ගත්තා ...

ටේහ්‍යුන් තොල් උල් කරලා ජන්කුක් දිහා ඔලුව උස්සලා බැලුවම ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් වලට බර වෙන්න ලං උනා ..

" ජන්කුක් ! .. ජන්කුකා .. !! "

හදිසියේම සාලෙන් ඇහුන කටහඬ නිසා ජන්කුක් ගේ තොල් වලට ලං වෙන්න හැදුව ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් ගේ ලඟින් ඈත් උනා ... එයාගේ නිල් ඇස් දිලිසෙන්න ගනිද්දි එයා නිරුවත්වම ඇඳේ ඉඳගත්තා ..

" ලව් .. මොකද උනේ .. ? "
ජන්කුක් ට ඇහුනේ නෑ අනෙක් කිසිම කටහඬක් .. එයාට ඇහෙන්නෙත් පේන්නෙත් ටේහ්‍යුන් වම විතරයි .. එයා හිටියේ ටේහ්‍යුන් ගේ ලෝකේ විතරමයි ...

" න් නෑ ... කූ ඔයා ටිකක් ඉන්නකො මම__ "

" ටේහ්‍යුන් ! "
ආයෙත් අර කටහඬමයි ... ටේහ්‍යුන් හුස්මක් උඩට අරන් ඇඳෙන් නැගිට්ටා ... එයා ඉක්මනට ශෝට් එකක් එක්ක ටී ශර්ට් එකක් දාගත්තා...

" ටේ .. මොකද උනේ කියන්නකො .. ? "

" කූ ඔයා ඇඳුමක් දාගන්නකො .. මම .. මම ටිකකට ගිහින් එන්නම් හරිද .. "

" හ්ම් හරි එහෙනම් "
ජන්කුක් තොල් උල් කලාම ටේහ්‍යුන් ඉක්මනට කාමරෙන් එලියට යන්න දොර ඇරියේ .. දොර අරිනවත් එක්කම එතන හිටගන හිටිය ජින් ව ටේහ්‍යුන් ගේ මූණටම මුණගැහුනා ..

" හ්‍යුන් ... ? "

" ටේ මම .. එයා ඇත්තටම___ "
ජින් හිටියේ නොසන්සුන් වෙලා .. ටේහ්‍යුන් දන්නවා ජින් නොසන්සුන් උනේ ඇයි කියලා ... ටේහ්‍යුන් හරි සන්සුන් හිනාවක් ජින්ට දැම්මේ ..

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now