හුරුපුරුදු උණුසුමට ගුලිවෙන්න හැරුනත් ටේහ්‍යුන් ට දැනුනා එයාගේ එහා පැත්තේ ජන්කුක් ගේ ඉඩ හිස් බව .. අඩ නින්දෙ හිටිය ටේහ්‍යුන් ව ගැස්සිලා ගියා ජන්කුක් ඇඳේ නෑ කියලා දැනුන ගමන් .. එයා ඉක්මනට ඇඳේ ඉඳගත්තා ..." කූ .. ? "
එහා පැත්තෙ හිස් උන කොට්ටේ තමන්ගේ දිග ඇඟිලි වලින් අතගෑව ටේහ්‍යුන් ගේ අතක් තමන්ගේ නිරුවත් පපුවට ගියේ ඉබේමයි ..." දෙයියනේ කූ ඔයා කොහෙද ? "
ටේහ්‍යුන් ව ගැහෙන්න වගේ .. එයා බෙඩ් ටේබල් එක උඩ තිබුන එයාගේ මල් ඉත්තකින් හදපු මුද්ද ඇඟිල්ලට දාගත්තා .. ඒකරන් එයාගෙ නිරුවත් ඇඟ වැහෙන්න ඩුවට් එක උස්ස ගන එයා ඇඳෙන් බැස්සා .." කූ ඔයා බැල්කනි එකේද ? "
බැල්කනි එකට ඔලුව දැම්මත් හිස් බැල්කනි එක දැක්කම ටේහ්‍යුන් ට එන්න එන්නම බයක් දැනුනා .. එයාගෙ උමතු ආදරේ එයාගෙ මානෙන් නොපෙනෙද්දි ටේහ්‍යුන් ගේ ඔලුව පිස්සු නැටුවා ..එයා සද්දෙන් හුස්ම ගන්න ගමන් ඇඳේ ඉන්ද උනා ... ඒ එක්කමයි කාමරේ දොර ඇරුනේ .. බයවෙලා කදුළු පුරවන් හිටිය ටේහ්‍යුන් ඇඳේ ඉඳගනම හැරිලා දොර දිහා බැලුවේ බලාපොරොත්තු පිරුන ඇස් වලින් ...
" ටේ .. ඔහ් ඔයා නැගිට්ටද ? "
ඔව් ඒ එයා .. ටේහ්‍යුන් බලාපොරොත්තු උන නිල් ඇස් දෙක කාමරේ දොරෙන් ඇතුලට ආවම ටේහ්‍යුන් ගේ ඇඟට ලේ ටිකක් ඉනුවා ..." කූ .. ! දෙයියනේ කොහෙද ගියේ .. "
ටේහ්‍යුන් ට ඇඬිලා .. එයා ජන්කුක් දිහා බලන් ඉද්දි ජන්කුක් ඉක්මනට එයා ගෙනාව මග් දෙක සෝෆා ටේබල් එකෙන් තියලා ටේහ්‍යුන් ගේ ලඟට ආවේ ..." ලව් මම ඔයාට මෝනිං ටී එකක් හදන්න ගියා .. අනේ මොක___ "
ජන්කුක් ට කියාගන්න උනේ නෑ ... ටේහ්‍යුන් ඇඟේ පටල ගත්ත ඩුවට් එකත් එක්කම ජන්කුක් ගේ බෙල්ල වටෙන් අත දාලා ජන්කුක් ට තුරුල් උනාම ජන්කුක් නිශ්ශබ්ද උනා ..." ඔයා මාව බය __ කලා .. අනේ කූ මට නොපෙනෙන මානෙට යන්න එපා ප්ලීස් .. "
ජන්කුක් ගේ බෙල්ල පාමුල මූණ හංගපු ටේහ්‍යුන් මුමුණද්දි ජන්කුක් හෙමින් ටේහ්‍යුන් ගේ අත් වලින් අල්ලලා එයාව ඈත් කලා ..." ටේ .. ඔයා බය උනාද .. ? අයිගෝ මියාන් මියාන් ම්ම් .. මම මගේ වයිෆ් ට ටී එකක් හදාගන එන්න උදෙන්ම නැගිට්ටෙ .. "
ජන්කුක් ලස්සනට හිනා උනාම ටේහ්‍යුන් ආයෙත් ජන්කුක් ගේ කරේ එල්ලුනා ...
BẠN ĐANG ĐỌC
Moon Eyes 🌒 - Taekook ( Completed )
Viễn tưởngඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...