Breakfast ගන්න උවමනා නිසා ටේහ්යුන් ජන්කුක් එක්ක පහලට ආවෙ ටිකක් අමාරුවෙන් .. ගෙවුන රෑ එයා ජන්කුක් ලවා තමන්ටම රිද්දගත්ත නිසා ටේහ්යුන් හිටියේ අමාරුවෙන් ...එයා පඩිපෙලේ අත්වැට අල්ලගන අමාරුවෙන් පහලට බහිද්දි ජන්කුක් ටේහ්යුන් ගේ අතකින් අල්ලගත්තා ...
" මැණික ඔයාට අමාරුයි නේද ? මම එක්ක යන්නම් ද ?"
ජන්කුක් එහෙම ඇහුවම ටේහ්යුන් ජන්කුක් එක්ක හිනා උනා .."මම හොඳින් කූ .. ඔයා යන්නකෝ .. ගිහින් කෑම බෙදාගන්න ම්ම් .. "
" ටේ .. ඔය යන ගමන් ඔය ඔතන තියෙන ප්ලේට්ස් ටිකත් අරන් යන්න ..."
කිචන් එකේ හිටිය ජින් පඩිපෙල බැහැගන එන ටේහ්යුන් ව දැකලා එහෙම කිව්වෙ ටේහ්යුන් ඒකට ඔලුව වනද්දි .." ඔහ් .. ආනී ඉන්නකෝ මම ගන්නම් .. "
ටේහ්යුන්ට ප්ලේට්ස් ටිකට අතක් වත් තියන්න නොදී ජන්කුක් ඒටික ඔක්කොම උස්සගන කෑම මේසේ පැත්තට ගියාම ටේහ්යුන් තනියම හිනා උනා ..." දෙයියනේ ! ටේ මේ මොකද ? "
ඒත් හදිසියේම තමන් ලඟින් ඇහුන ජින් ගේ කටහඬ එක්ක ටේහ්යුන් ගේ මූණේ හිනාව ආයෙම මැකිලා ගියා .. ටේහ්යුන් ගේ බෙල්ල පාමුල තිබුන ටිකක් ලොකු රතු පාට කැලල දැකලා ජින් බය උනේ ..." අහ් .. ම් .. මොකුත් නෑ ඒක මේ__ "
ටේහ්යුන් ඉක්මනට එයා ඇඳන් හිටිය ජන්කුක් ගේ ශර්ට් එකේ කොලර් එකෙන් එයාගේ බෙල්ල වහගන කෑම මේසේ පැත්තට යන්න හැරුනා ..." ටේහ්යුන් .. ඔයාට අමතක උනාද මම psychology ඩොක්ටර් කෙනෙක් බව ම්ම් .. ? ඔයා කරන දේ මට නොතේරෙයි කියලා හිතුවද ? "
ටේහ්යුන් ගේ අතකින් අල්ලගත්ත ජින් ටිකක් තදින් කිව්වම ටේහ්යුන් බිම බලාගත්තා ..." හ්යුන් මම__ "
" තමුන්ටම රිද්දගත්තම මේවා ඔක්කොම හරියනවද මිනිහෝ !? ඒකත් අර අහින්සකයෙක් ව මෝහනය කරන් ? ටේ ඔයා මෙහෙම කෙනෙක් නෙවෙයි ... මට විශ්වාස කරන්නත් බැරි තරම් ඔයා වෙනස් වෙලා .. "
ජින් තරහවකට වඩා වදවීමටයි කෑගැහුවේ .. එයාගේ මල්ලි මෙහෙම තවත් මිනිහෙක් ලවා රිද්දගන්න එක බලන් ඉන්නෙ කොහොමද ... ජින් බයයි ටේහ්යුන් ගේ මෙන්ටල් හෙල්ත් එක ගැන ...

ESTÁS LEYENDO
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasíaඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...