" නගින්න .. "
ජන්කුක් පිටිපස්සෙන් වාහනේට නගින ගමන් ටේහ්‍යුන් ට කතා කලේ ටේහ්‍යුනුත් ඉක්මනට එහා පැත්තෙන් පිටිපස්සේ සීට් එකට නගිද්දි....Driver ඉක්මනට වාහනේ හරවලා පාරට දාගත්තේ ජන්කුක් එයාගේ වැඩ වලට වෙලාවටම යන්න කැමති කෙනෙක් නිසා....
" මම දන්නේ නෑ ජීමින් මොකට ඔයාව train කලාද කියලා ... ඒත් මතක තියාගන්න මම තවමත් තමුන්ට කැමති නැහැ ...
මට තමුන්ව විශ්වාසත් නැහැ ... අනුන්ගේ පෞද්ගලිකත්වය හාරාවුස්සන අය කොහොමත් මට පිළිකුල් ... "
ටේහ්‍යුන් ගේ මූණ දිහාවත් නොබලා ජන්කුක් ඉස්සරහ බලාගනම කියාගන ගිහින් ශටර් එකෙන් පිටත බලාගත්තේ ටේහ්‍යුන් ඇස් කරකවලා සීට් එකට තව ටිකක් හේත්තු වෙද්දි ...පැය කාලක් වගේ යද්දි එයාලා location එකට ආවා... ජන්කුක් මොනාත්ම නොකියා වාහනෙන් බැහැලා දොර සද්දෙන් වැහුවේ ටේහ්‍යුන් තවමත් ඇතුලේ ඉද්දි...
ජන්කුක් දොර වැහුව සද්දෙට ටේහ්‍යුන් උඩගියා..." ච් .... මේ අලි ඔළුකාරයා ... හහ් බලාගන්නවා මම තමුන්ට කරන දේ ජෙයොන් ජන්කුක් ... !! "
ටේහ්‍යුන් දත්මිටි කකා මුමුණන ගමන් වාහනෙන් බහිද්දි ජන්කුක් ඉස්සරවෙලා තිබුනා..අද ජන්කුක් ආවේ Pub එකට ... clients ලා meet වෙන්න ජන්කුක් යොදාගන්න locations ගැන නම් ටේහ්‍යුන් ටිකක් පුදුම උනා..
" Welcome Mr. Jeon ... "
Pub එක අස්සේ ඉදන් පිටට ආව හොදට හැද පැලද ගත් පුද්ගලයෙක් ජන්කුක් ට අතට අත දීලා එයාව ඇතුලට එක්කන් ගියත් එයා ටේහ්‍යුන් දිහා බැලුවේ නම් ටිකක් අමුතුවිදියට ...." Oh .. It's Fine .. He is my new Manager .. Kim Taehyung "
ටේහ්‍යුන් දිහා නක්කලේට බලන ගමන් ජන්කුක් ඒ කෙනාට කියද්දි එයත් ටේහ්‍යුන් එක්ක හිනා උනා..." Okay ... Mr. Kim Taehyung Shi ... Welcome .. ! "
ඔහු කොරියන් ආභාසය රහිත අයෙක් බව ටේහ්‍යුන් ට ඒ කෙනාගේ කතා විලාසයෙන්ම තේරුනා..
ඔහු Chinese කෙනෙක් ...ඒ කෙනත් එක්ක දෙන්නම ඇතුලට ගිහින් pub එකේ එයාලටම වෙන් කරපු දිග මේසයක් ලගින් තිබුනු උසැති පුටුවල වාඩි උනා...
" වොඩ්කා.. "
එතන හිටිය බෝයි ට එහෙම කියපු ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා...
YOU ARE READING
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasyඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...