🔹🔷 48 🔷🔹

292 73 43
                                    


ටේහ්‍යුන් ජන්කුක් ගේ ගෙදර ලොකු සාලේ සෝෆා ටේබල් එක උඩ තියලා තිබුන බඩුමුට්ටු ටික දිහා බලලා සෑහීමකට පත් උන හිනාවක් එයාගේ ලඟින්ම සෝෆා එකේ වාඩිවෙලා ඉන්න ජන්කුක් ට දැම්මා ...

" ඔය බඩු ටික ඇතිද ? මොනා හරි අඩුවක් තියෙනවද ? "
ජන්කුක් හිටියේ ටේහ්‍යුන් කරන්න යන මේ වැඩේට ගොඩක් උනන්දුවෙන් ... ඒ නිසාම ටේහ්‍යුන් කියන පරක්කුවට ජන්කුක් ටේහ්‍යුන් ට ඕන කරන හැමදේම ලඟට ගෙන්නලා දුන්නා ..

ටේහ්‍යුන් හිනාවෙන ගමන් ජන්කුක් ගේ පැත්තට හැරුනා ...
" ආනී .. මේ ඇති .. "

එයා ජන්කුක් එක්ක හිනාවෙලා ජන්කුක් ගේ ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටියා .. ටේහ්‍යුන් තමන්ගේ දිග ඇඟිලි ජන්කුක් ගේ නළලේ ඉදන් ජන්කුක් ගේ නහය , ඒ ටිකක් රවුම් වගේම ටේහ්‍යුන් දිහා ලස්ටි බැල්මකින් බලන් ඉන්න ජන්කුක් ගේ ඇස් හෙමින් හෙමින් අල්ලමින් හිටියා ....

" ටේ මොකද ඔයා__ "

" ශ් ... disturb කරන්න එපා .. "
ටේහ්‍යුන් හිටියේ ජන්කුක් ගේ මූණේ පුංචි පුංචි කර්ව්ස් ගැන අවධානෙන් බලන ගමන් ..

එයා එහෙම කිව්වම ජන්කුක් ගේ තොල් කොනක හිනාවක් ආවා .. එයා ටේහ්‍යුන් ගේ ලාවට පැහැදිලිව පේන රෝස තොල් දිහා බලාගන නිශ්ශබ්දව ටේහ්‍යුන් ට එයාගේ වැඩේ කරන්න ඉඩදුන්නා ...

ටේහ්‍යුන් ජන්කුක් ගේ කම්මුල් වලින් තමන්ගේ ඇඟිලි ගෙනාවේ ජන්කුක් ගේ තොල් වලට .. ටේහ්‍යුන් ගේ මේ ලා ස්පර්ශය ජන්කුක් ගේ හිත ගැහෙන වේගේ එන්න එන්නම වැඩි කලා .. එයා කෙටි හුස්ම ගනිමින් ටේහ්‍යුන් දිහාම බලන් හිටියා ..

" ඔහ් ... ඔයාගේ තොල් යටින් mark එකක් තියෙනවා .. ඔයා ඒක දැනන් හිටියද ? "
ටේහ්‍යුන් ජන්කුක් ගේ තොල් මත ඇඟිලි තියලා මහපට ඇඟිල්ලෙන් ඒ තොල් වලට පහලින් තිබ්බ පුංචි mole එක අල්ලද්දි ජන්කුක් පුදුම උනා ...

" mark එකක් ? මම දන්නෑ ඒ ගැන .. ඒක කොයි වගේ ද ? "
ජන්කුක් උනන්දුවෙන් අහද්දි ටේහ්‍යුන් තවත් ටිකක් ජන්කුක් ගේ ලඟට ලං උනා ...

" ඒක පුංචියි .. පුංචිම පුංචි තිතක් .. බට් ඒක ලස්සනයි .. ඔයාගේ තොල් වලට ඒක මැචින්... "
ටේහ්‍යුන් ජන්කුක් එක්ක හිනා උනාම ටේහ්‍යුන් ගේ ඇඟිලි රැදුන තොල් වලින් ජන්කුක් ටේහ්‍යුන් එක්ක හිනා උනා ...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now