Continue flashback ...
චේරින් එයාගේ අතේ තිබුන පුංචි ලියුමත් එක්කම හවස් වෙද්දි පාර්ක් එක පැත්තට ගියේ හිතේ ගොඩක් දේවල් පුරවගන .. එයාගේ හිතේ ප්රශ්න ගොඩක් තිබුනා .. තමන් ආසාවෙන් අවුරුද්දක් පුරාවට එයාගේ ලොකර් එකට දැම්ම ලියුම් වලින් එකක් හරි ජන්කුක් කියවපු එකට කෙල්ලගේ හිතේ ලොකු සතුටක් තිබුනා...
ඒ වගේම කාලයත් එක්ක එයා දැනගත්තා ජන්කුක් එදා තමන්ව අදුනන්නේ නෑයි කිව්ව හේතුව ගැනත් ... ඒ නිසාම කෙල්ලගේ හිතේ ජන්කුක් ගැන තිබුන අන්තිම කලකිරීමත් නැතිවෙලා ගියා.... යුනිෆෝම් එක පිටින්ම එයාගේ බෑග් එකත් කරේ එල්ලගන කෙල්ල පාර්ක් එකට ආවත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ....
එයා බැලුවේ පාර්ක් එකට එහයින් තිබුන පාර දිහා... නිවි නිවී දැල්වෙන එක වීදිලාම්පුවක් ඇරුනම ඒ පැත්තේ කිසිම එළියක් තිබුනෙත් නැහැ ..." ජ් ජන්කුක් ... ! ඔ ඔයා ඉන්නවද ... ? "
පුංචි ගැස්මක් එක්ක කෙල්ල හෙමින් හෙමින් පාර්ක් එකෙන් එහාට උන පටු පාර පැත්තට අඩි කීපයක් ගියා..." ජන්කුක් .... ඔ ඔයා තාම ආවේ නැද්ද ... ? "
පුංචි ලියුම් කඩදාසියත් තුරුල් කරගන කෙල්ල අත් දෙකම පපුවට ගුලි කරගන ලා එලියෙන් ඈත බැලුවා..ඒත් එක්කම හදිසියේම ආව දරදඩු අතක් කෙල්ලගේ ඉනෙන් අල්ලලා එයාව පළල් පපුවකට තද කරගනිද්දි කෙල්ලගේ ඇග හීතල වෙලා ගියා....
" හ්හ් ජන් ජන්කුක් මේ ... මේ ඔයාද !! ? "
කෙල්ලට හැරෙන්නවත් බැරි තරම් ඒ අත් තදයි..ඒ කෙනා කිසිම පිළිතුරක් නොදී කෙල්ලගේ කන් පෙත්තකට කටින් පිම්ඹේ කෙල්ලගේ අතේ තිබුන බෑග් එකත් එයාට අතෑරෙද්දි....
" ආහ් ... ක කවුද ඔයා... !? "
ඒ අහින්සක ඇස් කලබල උනා ... ගොඩක් කලබල උනා...ඒත් එක්කම කෙල්ල ගේ ඇස් මහත් උනේ නිවි නිවී පත්තු වෙන වීදිලාම්පු එලියෙන් තවත් කෙනෙක් තමන්ගේ ඉස්සරහට එනවා ඒ බොදවුන ඇස් වලට පෙනෙද්දි... ඒ කෙනා කෙල්ලගේ ඉස්සරහටම ඇවිත් නතර උනේ පුංචි හිනාවකුත් එක්ක...
" චේරිනී ....කොහොමද ඉතින්.. ? "
එයා කෙල්ල දිහා බලලා එහෙම අහද්දි කෙල්ල උපරිම උත්සාහ කලේ තවමත් තමන්ව අල්ලන් ඉන්න දරදඩු අත්වලින් ගැලවෙන්න...

DU LIEST GERADE
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasyඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...