ටේහ්යුන් ට බෙහෙත් ටිකකුත් අරගන එයාලා ආපහු සෝල් යන්න කියලා හොස්පිටල් එකෙන් එලියට බැස්සෙ පැය කීපයක දුරක් යන්නත් තියෙන නිසා ..." කූ ඔයාට මහන්සි නම් මම වාහනේ ගන්නම් .. "
" ආනී .. ඔයාටයි මහන්සි ටේ ... මූණත් එක්ක මැලවෙලා .. ඔයා ටිකක් නිදියන්න ම්ම් මම වාහනේ ගෙනියන්නම් මට පුළුවන් .. "
ටේහ්යුන් ගේ කොන්ඩෙත් හදපු ජන්කුක් වාහනේ දොරත් වහ ගත්තා ..." සීට් එක පාත් කරලා දෙන්නද .. ? "
ටේහ්යුන් ගෙන් එහෙම අහපු ජන්කුක් ටේහ්යුන් ලාවට ඔලුව වැනුවම ටේහ්යුන් ගේ ලඟට නැමිලා සීට් එකත් හෙමින් ටිකක් පාත් කරලා දුන්නේ ටේහ්යුන් ට රෙස්ට් කරන්න කියලා ...
" බෙහෙත් ටික ගත්තම ඇඟේ අමාරු ඇරෙයි හොදද .. "ටේහ්යුන් ලාවට ඔලුව වනලා හෙමින් සීට් එකට ඇල වෙලා ශටර් එකෙන් එලිය බලාගත්තා .. එයා සැරින් සැරේ ජන්කුක් දිහා හැරිලා බැලුවා ... ජන්කුක් ඉන්නේ කියාගන්න බැරි තරම් සතුටකින් ... ඉඳලා හිටලා සිංදුවකුත් ජන්කුක් මුමුණමින් හිටියා ..
ටේහ්යුන් ට එයාගේ නූනව මතක් උනා .. නූනා හිටියා නන් මේ හැමදේම ආපස්සට යවයි ... එහෙම උනා නම් ටේහ්යුන් ට පුළුවන් එයා කරපු ඒ ලොකු වරද නිවැරදි කරන්න ... ජන්කුක් ගේ සතුට බලලා ජන්කුක් ගැන දුකක් දැනෙන්න ගත්තම ටේහ්යුන් ආයෙම අහක බලාගත්තා ...
එයාලා ගෙදරට යද්දි ටිකක් හවස් වෙන්නත් අරන් තිබුනා .. ටේහ්යුන් ට මහන්සියට නින්ද ගිහින් හිටියේ ..
" ටේ ... මහන්සියි නේද "
ජන්කුක් ටේහ්යුන් ගැන ගොඩක් වද උනා .. ඉතින් එයා ටේහ්යුන් ගේ අතකින් අල්ලගන කතා කලාම ටේහ්යුන් නින්දෙන් ඇහැරුනා .." ම්හ් ටිකක් .. "
" අපි යමුකෝ ම්ම් මම ඔයාට පාස්ටා හදලා දෙන්නම් ම්ම් ඔයා කනවා නේද ... "
ජන්කුක් හැපී මූඩ් එකෙන් කියවන් ගියාම ටේහ්යුන් ආයාසයෙන් හිනා උනා .. අඩුම තරමේ ජන්කුක් එක්ක ඉන්න ලැබෙන ටිකේ වත් සතුටින් ඉන්න ටේහ්යුන් තීරණය කලා ..එයාලා දෙන්නම වාහනෙන් බැහැලා ගේ ඇතුලට ගියා ... ජන්කුක් ටේහ්යුන් වත් කිචන් එකට ගෙන්නන් පාස්ටා හදන්න පටන් ගත්තේ ටේහ්යුන් කිචන් අයිලන්ඩ් එක උඩ වාඩිවෙලා ජන්කුක් දිහා බලන් ඉද්දි ..

KAMU SEDANG MEMBACA
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasiඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...