" මට හතුරෝ ඉන්නවා ටේ .. මට අඳුරු අතීතයක් තියෙන්නෙත් .. මගෙත් එක්ක ඉන්න එක ඔයාට එපාවෙයිද දන්නේ නෑ .. "
ටේහ්‍යුන් හිටියේ ජන්කුක් ගේ උරහිසට ඔලුව හේත්තු කරන් ඇඳේ ඇලවෙලා .. ජන්කුක් ටේහ්‍යුන් ලඟින්ම ඇල වෙලා ටේහ්‍යුන් ගේ අතක් අල්ලගන හිටියා .." මම ඒ දේවල් දැනගනයි මෙහෙ ආවෙ කූ .. "
ටේහ්‍යුන් ගේ කටින් කූ කියලා ඇහුනම ජන්කුක් ගේ තොල් වලට හිනාවක් ආවා ...
" සර්ට බය නැද්ද මාව මෙහෙම ලං කරගන්න .. අඩුම තරමෙ හරියට මගේ ගැන නොදැන .. මොකද වෙන්නේ මම මිණීමරුවෙක් නම් .. ? "ටේහ්‍යුන් එහෙම අහලා ඇස් උස්සලා ජන්කුක් දිහා බැලුවම ජන්කුක් හිනාවකින්ම ටේහ්‍යුන් ගෙ පැත්තට ඇල වෙලා ඉන්න ගමන්ම හැරුනා ...
" ඔයා මාව බේරගත්ත කෙනා ටේහ්‍යුන් .. ඔයා නැති උනා නන් හ්‍යුන් ගේ ඇක්සිඩන්ට් එක නිසා මම suicide කරගන්න ඉඩ තිබුනා ... "
ජන්කුක් එහෙම කිව්වම ටේහ්‍යුන් ගේ හිතට ඒක ගොඩක් රිදුනා .. ජන්කුක් ගෙ විශ්වාසේ ගන්න එක නම් ටේහ්‍යුන් අකුරටම කරලා .. අඩුම තරමේ දැන් ටේහ්‍යුන් ට වත් බෑ ජන්කුක් ගේ විශ්වාසේ කඩලා දාන්න ...ටේහ්‍යුන් හුස්මක් හැලුවා .. එයාගේ නූනා වෙනුවෙන් , ටේහ්‍යුන් තීරණය කලා ජන්කුක් ලඟින් රැදෙන්න .. නූනා වෙනුවෙන් කියලා සීමා දාගත්තට ටේහ්‍යුන් ජන්කුක් ව අත්නෑරියේ නොදැන හෝ ටේහ්‍යුන් ගේ හිතේ ජන්කුක් ගැන තිබ්බ කැමැත්තට ...
නැත්තන් ටේහ්‍යුන් කීයටවත් අද ජන්කුක් එක්ක එක ඇඳක මෙහෙම ඉන්න එකක් නෑ ..ඇත්ත එලිවෙයි , ජන්කුක් කවදා හරි ඒ දේවල් දැනගනී කියන බයෙන් ජීවත් වෙන එක ටේහ්‍යුන් ට ලැබෙන දඬුවමක් උනා .. ජන්කුක් ගේ කළු ඇස් දිහා බලලා ජන්කුක් ගේ හිනාව දකින වාරයක් වාරයක් ගානේ ටේහ්‍යුන් ගේ හිතේ ඒ බය කැකෑරේවි ..
ජන්කුක් ටේහ්‍යුන් කරපු දේවල් දැනගත්ත දවසක මොනා වෙයිද ?
ටේහ්‍යුන් දිගටම ජන්කුක් ගේ කඩවසම් මූණ දිහාත් , තමන් දිහා ආදරෙන් බලන් ඉන්න ඒ කළු ඇස් දිහාත් බලාගන හිටියා .. එයාට ජන්කුක් ට කරපු වරදට වන්දියක් විදියට වත් ජන්කුක් එක්ක ඉන්න ඕන උනා ..
එයාගේ හිත ජන්කුක් ව ඉල්ලුවා ..
ВЫ ЧИТАЕТЕ
Moon Eyes 🌒 - Taekook ( Completed )
Фэнтезиඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...