ටේහ්‍යුන් ජන්කුක් දෙන්නම හිටියේ appartement road එකෙන් ටිකක් එහාට වෙන්න පාර අයිනෙ හදපු බෙන්ච් එකක වාඩි වෙලා ... එතනට හරි ලස්සනට appartement පේලිය පෙනුනා .. ඒ වගේම එතනින් එහාට තිබුන town එකත් එතනට ගොඩක් පැහැදිලිව පෙනුනා ...ජන්කුක් මෙතන වාඩිවෙලා දැන් විනාඩි දහයකට වැඩියි .. ඒත් එයා ටේහ්‍යුන් එක්ක කිසිම දෙයක් කතා කලේ නෑ .. දැන් එන්න එන්නම හවස් වීගන එද්දි ජන්කුක් කලේ අහස දිහා බලන් හිටිය එක .. ටේහ්‍යුන් උනත් හදිස්සියේ හිටියෙ ජන්කුක් ගෙන් මේක අහගන්න ඒත් ටේහ්‍යුන් නිශ්ශබ්දව ජන්කුක් දිහා බලන් හිටියා ....
" ටේහ්‍යුන් ... "
" කියන්න සර් ... "
" මට පුළුවන් ද ඔයාට ටේ කියලා කතා කරන්න .. ? ඔයා කැමති නම් විතරක් "
ජන්කුක් හීන් හිනාවක් අහස දිහා බලාගනම දාන ගමන් අහද්දි ටේහ්‍යුන් ගෙ මූනේ වෙනසක් උනේ නම් නෑ ..." ඔව් කමක් නෑ සර් .. මගේ අකමැත්තක් නෑ .. "
ටේහ්‍යුන් එයාගේ ශර්ට් එකේ අත ටිකක් හදලා හරිබරි ගැහිලා වාඩි උනා .." හරි එහෙනම් ... ම්ම් .. පුංචි කාලේ ඉදන් මට යාලුවෝ හිටියෙ නෑ ටේ .. මට හිටියේ නමට යාලුවො .. වූ හ්‍යන්ග් ජීසන්ග් දෙන්නම මගේ සල්ලි වලට යි ස්කුල් එකේ මට තිබ්බ නමටයි මා එක්ක එල්ලිලා හිටිය දෙන්නෙක් ...
එයාලා දෙන්නට දෙන්නා යාලුවො මිසක මම එයාලගේ තුන්වෙනියා විතරයි ... එයාලා පුංචි කාලේ ඉදන්ම කලේ මං ලවා එයාලට ඕන දේ කරව ගත්ත එක ... Trust me ටේහ්‍යුන් ! එයාලා මං ලවා සම්පූර්ණ නෝට් බුක්ස් ඕන තරම් ලියෝගන තියෙනවා ... "
" සර් ඇයි ඒවා ඉවසන් හිටියේ .. I mean මම උනා නම් කවදාවත් ඒ තරම් ඉවසන්නෑ ... "
ටේහ්‍යුන් නක්කලේට හිනාවෙලා බිම තිබ්බ ගලකට කකුලෙන් පාරක් ගැහුවා ..." ච් .. අප්පා නිසයි ... එයා තමා ජීසන්ග් ලව උඩ තියාගන හිටියේ .. හ්හාහ් අනික .. මටත් යාලුවො ඕන උනා ටේ ..
මගේ ලෙඩේ එක්ක යාලුවො මට හිටියෙ නෑ ... මගෙන් වාසි අරගන ඉන්න නිසා වූහ්‍යන්ග් ලා මං ගැන සැක කලේ නෑ ... මම ගොඩක් පරිස්සම් උනා .. එයාලගේ පුංචි පුංචි වෙනස් කම් නිසා මම එයාලව අඳුන ගත්තා .. "
ජන්කුක් ගේ ලෙඩේ එක්ක ඒ පුංචි කාලේ ගත කරන්න එයාට ඇත්තටම අමාරු වෙන්න ඇතියි කියලා ටේහ්‍යුන් හිතුවා ..
ŞİMDİ OKUDUĞUN
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantastikඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...