" කිම් ටේහ්යුන් !! "
ජන්කුක් ගේ හඬත් එක්ක ටේහ්යුන් තිගැස්සිලා ගියා..." මොනාද මනුස්සයෝ ඔය Window එක ඇරගන කරන්නේ ... හ්යුන් සීතලට ආස නෑ .. ඕක වහන්න .. "
ජන්කුක් එහෙම කියද්දි ටේහ්යුන් ඉක්මනට ඇරලා තිබුන glass window එක වහලා දැම්මා..." අහ්ම් චොසොහම්මිදා ජන්කුක් ශී .. මම මේ නිකමටයි... "
ටේහ්යුන් ජන්කුක් ට ඔලුව නැමුවත් ඇස් කොනින් බැලුවේ තවමත් හොදින් රෝහල් ඇඳ උඩ නිදන් ඉන්න ජීමින් දිහා..." හ්හා... හ්යුන් ඔයා එක දවසට ඇදිලා ගිහිල්ලා ... අ අනේ මට මෙහෙම කරන්න එපා ජිමිනා ... "
ටේහ්යුන් ගේ රැවිලි නොදැක්ක ජන්කුක් ජීමින් ලඟින් වාඩි උනා .. ජීමින්ගේ fluffy කොන්ඩෙත් එහෙ මෙහෙ කරලා ජන්කුක් ජීමින්ගේ නළල සිපගත්තේ එදා එයාගේ හ්යුන් අන්තිම පාරට තමන්ගේ නළල සිපගත්ත දවස මතක් වෙද්දියි...
" ප්ලීස් හ්යුන් .. අනේ ඉක්මනට නැගිටින්න.. මාව ඇහෙනවා නේද ඔයාට ... මම දන්නවා ඔයා අහන් ඉන්නේ කියලා... "ජන්කුක් ගේ අඩෝවැඩියාව අහන් ඉන්න අමාරු නිසා ටේහ්යුන් කටත් ඇද කරලා කනත් ලාවට අතකින් වහන් අහක බැලුවා...
" ඔ ඔයාට රිදෙනවද හ්යුන් .. ? "
පුංචි එකෙක් වගේ ජන්කුක් ආයෙත් කැනියුලා ගහපු ජීමින්ගේ අත අතගාන්න ගත්තේ ටේහ්යුන් කට ඉරක් වගේ කරගනිද්දි..." කෝමා උනාම වේදනාවල් දැනෙන්නේ නෑ ජන්කුක් ශී .. ජීමින් ශී තාම හොදින් .. "
ටේහ්යුන් නොකියා බැරිකමට එහෙම කිව්වෙ ජන්කුක් හුස්මක් හලද්දියි..." හ්ම්ම් .. මම ඔයාව බලන්න පුළුවන් හැමවෙලේම එන්නම් හ්යුන් හොදද .. නූනා මා එක්ක හිත හොදින් නෙවෙයි ..
හ්හා ඔයත් මා එක්ක තරහින් ඇත්තේ .. මියානේ ජිමිනා මම .. හ් මට බ් බැරි උනා ඔයා ලගට යන්න .. මම මම දන්නෑ ඇයි මට එහෙම උනේ කියලා ... I'm sorry හ්යුන් .. "
ජීමින්ගේ ඔලුව අතගාන ගමන් ම ජන්කුක් ඇස් වල පිරුණ කදුළු එක්ක එහෙම කියද්දි ටේහ්යුන් ලොකු කමෙන් වගේ නිකට උස්සලා ජීමින් දිහා බැලුවා.." අපි යමු ටේහ්යුන් .. නූනා ආවොතින් එයාට තරහා යාවි .. "
" එ ඒත් මේ .. "
ටේහ්යුන් ආව වැඩේ කරගන්න එයාට බැරි උනා .. කවුරුහරි එන බව ඉවෙන් වගේ දැනෙද්දි ටේහ්යුන් ගේ මායාකාරී ඇස් වලට පුළුවන් උනා දොර ලඟ කෙනෙක් ඉන්න බව අඳුනගන්න ...

ESTÁS LEYENDO
Moon Eyes 🌒 - Taekook ( Completed )
Fantasíaඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි... ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා... අපි ඒ රහස හො...