2.Blind love

251 28 14
                                    

අදුරු රාත්‍රියක ඇය ඇගේ මේසය අසල අසුන්ගෙන සිටියා ය...
පෑන අතට ගෙන සෙමෙන් පොතක පිටු පෙරළු ඇය එහි දිනය දැමුවා ය...

03.06.2025

තවත් කිසියම් දෙයක් ලිවීමට තැත් කලද එක වර විදුලිය විසන්ධි වීම නිසා මේසය අසලින් නැගී සිටි ඇය තම විදුලි පන්දම දල්වාගෙන විත් නැවත මේසය අසලින් හිඳ ගත්තා ය...

නැවත පෑන අතට ගත් ඇය පෙර තමා දිනය දැමූ තම දින පොතෙහි සටහකන් තැබුවා ය...

"ජීවිතයේ සියලු දෙනාටම කුමක් හෝ වැරදීමක් සිදුවනු ඇත...එය ලෝක ධර්මතාවකි...

තමුත් මා හට හදන්නට නොහැකි ලෙසම වැරදී ගොස් ඇත...මාගේ කාලයද දැන් අවසන් ව ගොස් ඇත...

මා ඇයට සමාව දී අවසන්ය..."

සටහන තබා අවසානයේ වේගයෙන් නැඟීසිටි ඇය එකවර තම මුව වසාගෙන කාම⁣රයේ ජනෙල් කවුලුව අසලට පිය මැන මුව විවර කලා ය...ඇය දෑත් මත රුධිරය කැටි වූ  කළු පැහැති යමක් ගුලි වී තිබිණි....

"ආයෙමත්..!!

මේක ඉක්මනටම ඉවර වේවී..."

නාන කාමරය වෙත පිය මැන තම රුධිරය සෝදා දැමූ ඇය නැවත කමාරය වෙත පැමිණ විදුලි ලාම්පු නිවා දමා ඇඳ මත වැතිරුණා ය...

නමුත් නිදි දෙව්දුව තමා වෙත නොපැමිණි නිසා තම අදුරු වූත්,සුන්දර වූත් අතීතය පිළිබඳ සිහි කරන්නට පටන් ගත්තා ය...

Five years ago

"Eun ki...Enu ki මොකද මේ කතා නැත්තේ..😏"

ආයෙමත් මේ මල කරදරේ...
අහ්..මට කියන්න බැරි උණානේ...
මම yang Enu ki...
teachersලා කියන විදියට පන්තියෙ ඉන්න දක්ෂ ම වගේම අහිංසක ම ළමයා...
මගේ අහිංසක කම නිසා හැමෝම මට කරදර කරනවා...😣මට එයාලට මොකුත් කරගන්න බෑ...ඒ තරමට මම දුර්වලයි...

"ඒයි...ඇහුන්නෙ නැද්ද Na ja උබට කතා කරනවා...කතා කරපන් ඉතින්..."

මම දැන් na jaයි එයාගෙ මැර යාලුවො දෙන්නටයි මැදි වෙලා ඉන්නෙ...na ja කියන්නෙ අපේ school එකේ ඉන්⁣න දුෂ්ටම ළමයා...ඒ වගේම මට හැම වෙලේම වද දීලා අනිත් අය ඉස්සරහා මාව විහිලුවට ගන්න කෙනා...

මම පුස්තකාලයට ගිහින් එද්දි තමා මෙයාලට අහු උණේ...

"කතා කරපන් කටක් නැද්ද?"

Na ja මාව බිත්තියට තද කරලා මගෙ කට දෙපැත්තෙන් අල්ල ගත්තා...

"ඌෟෟෟෟ....හරිම කියුට්...😂"

කොච්චර රිදුනත් ඇස් දෙකට පිරුනු කදුලු වැටෙන්න නොදී අල්ලගෙන ඉන්න මට පුලුවන් උනත් ටික වෙලාවකින් ඒක නිෂ්ඵල දෙයක් උණා....

ඒත් දෙවියෝ මාව අමතක කරලා තිබුණෙ නැහැ....











"මොකද්ද මෙතන වෙන්නේ?"










___________________________________________

🙂හායි❤️‍🩹

ඔම්න දුම්නා...එකක්...
මේක හරි නෑ වගේද?

🙂👭බායී...

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Où les histoires vivent. Découvrez maintenant