8.Blind love

91 22 5
                                    

මම නිකම් jae I ගෙ හොඳම යාලුවා වගේ...
Jae I කොයි වෙලේ බැලුවත් ඉන්නෙ මගේ පන්තියේ...ඒ නිසාද දන්නෑ පන්තියෙ ලමයිනුත් දැන් මාත් එක්ක හොඳට කතා කරනවා...

ඒ දේවල් ගැන හිතද්දි පොඩි සතුටක් දැනුනත්,දැන් මම ji hungගෙන් ඈත්වෙලා කියන එකත් මගේ හිතේ කොනක තදින් වැදිලා තිබ්බා...

ඇත්තටම එයායි මායි හම්බෙන්නෙ කෑම කන්න යද්දියි,නිදා ගන්න යද්දියි විතරයි....ඒ වෙලාවල් වලත් වචන දෙක තුනකට වඩා කතා නොකරන ji hung එයාගෙ සුපුරුදු වැඩේ දිගටම කරගෙන ගිහින් තිබුනෙ මුලු කාමරේම එයාගෙ චිත්‍ර වලින් හැඩ වැඩ කරන එකත් කරලා...

ටික කාලයක් පද්දි මමයි,jae I  ගොඩක් බැඳිලා තිබුනෙ අපි දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැරි වෙන්නම...

මම යන්නෙ කොහෙද ජේ අයිත් එතන....

ස්කෝලෙ හැමෝම වගේ එක එක දේවල් කියුවත් අපිට ඒක අදාලා උනේ නෑ...

Jae I දැන් වෙනස් වෙනවා කියලා හොඳටම පෙ⁣නුනෙ දෙවනි test එකෙන් පන්තිය පලවෙනියා නොවුනත් හැම subject එකටම A අරගෙන තිබුන නිසා...

අද සෙනසුරාදා දවසක්...

සුපුරුදු විදියටම මම Jae I ගෙ ගෙදර ගිය් එයත් එක්ක පාඩම් වැඩ කරන්න...
ටික වෙලාවක් වැඩ කරලා මහන්සි නිසා Jae I ටයි,මටයි උණු කෝපි කෝප්ප දෙකක් හදන් ආපු මම ඒ එක කෝප්පයක් Jae I ට දුන්නෙ එයා පැන්සලත් නිකටට කියාගෙන ගානක් හදන්න දඟලද්දි...

"ම්ම්ම්....මේක ගන්න...."

"ah...Thank you,

ඔයාව මෙහාට එක්කන් එන එක පාඩු නෑ හැබැයි"

"ඇයි එහෙම කියුවෙ?"

"නෑ ඉතින් මෙහෙම ⁣හැම සෙනසුරාදා ම මට උණුවෙන් ඔයාගෙ කෝපි කෝප්පයක් බොන්න හම්බෙනවනෙ...පාඩු නෑ ඉතින්"

මහ හයියෙන් හිනා වෙන ගමන් පැන්සල අත ඇරලා කෝපි කෝප්පෙ අත් දෙකෙන්ම අරගත්ත Jae I මම වාඩි වෙනකම් ඉදලා කතාව පටන් ගත්තා...

"මේ බබා"

"මොකෝ මේ බටර්?"

"නෑ ඉතින් ආදරේටනේ...😂"

"අනේ කට පියාගෙන ඕක බොන්න"

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Where stories live. Discover now