"ඒයි කෙල්ල!! මේ මොකද මේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ?"
මම හිමින් හොස්ටල් රූම් එකට ඇදෙද්දි මගේ රූම් මේට් වෙච්ච Seo Ji hung...එයා මට වැඩිය අවුරුදු 2 ක් වැඩිමල්....ඒ ක්යන්නෙ තෙන්වෙනි අවුරුද්දෙ කෙනෙක්...😅
එයාට ලස්සනට චිත්ර අදින්න පුලුවන්...එයා දැන් කරන්නෙත් ඒකම තමයි..."මොකෝ බං මේ....මොනාත හිත හිත ඉන්නෙ?"
"මේ.....Jae I මට-"
"ආාාාපෝ....මතක් කරන්න එපා ඔය ගෑණිව...ඔඩින් ඔපේ යටින් හපේ ඕකිගෙ...මට ඇහිලා තියෙනවා කට්ටිය කතා වෙනවා ඒකි හෙන නසරානි එකියක් කියලා...."
පැය ගානක ලොකු දේශනේකින් පස්සෙ එයාට ආපු කෝල් එකක් නිසා තත්පර දෙක තුනකට කට වැහුවත් ආයිමත් ඒ කට ඇරෙන්න වැඩි වෙලා ගියේ නෑ...
"උබ ඒකි එක්ක කතාවට එහෙම ගියේ නෑනේ.."
"එයා තමා අද මාව බේර ගත්තෙ...ඒ වගේම මම හෙට එයා එක්ක ගමනක් යනවා..."
ඊට එහා දෙයක් කියන්න යන්නෙ නැතුව මම හිමින් එතනින් මාරු වෙලා ගියේ ji hung ඔලුවෙ අත ගහගෙන මොනවද මුමුණනවා දැකපු නිසා....
මගේ හිතේ දැනටමත් jea I ගැන ලොකු පැහැදීමක් හැදිලා තිබ්බා...
මොකද එයා මාව බේර ගත්තානෙ...මම එදා රෑ ඩයරි එක අරන් ලියන්න දේවල් කල්පනා කරන්න ගියත් මට මතක් උනේ Jea I ව....ඒක නිසා මට කවියක් මතක් උණා....
2018.06.03
හිරු සැඟවිලා ගනඳුර රජකරන විට
තනිකම දැනෙනවා මේ මිහිතලයෙ මට
කාලය ගෙවී යන මොහොතක කදුළ පිට
ඔබ පිවිසුණා මගෙ හදවත විවර කොටඇත්තටම මම දන්නෑ මම ඇයි එහෙම කවියක් ලියුවෙ කියලවත්...
ඕක ගැන හිතලා තවත් හිත අවුල් කරගන්න බැරි නිසා මම ඩයරිය පැත්තකින් තියලා නිදා ගත්තා....Next Day
මගෙ Phone එකට Unknown Nomber එකකින් මැසේජ් එකක් ඇවිත් තිබුණා....
Unknown Nomber 📩
"Hi
"Mama Jea I
"Ada 10ta mathak karala enna....මම එයාව සේව් කර ගත්තා...
තාමත් උදේ 7:00...
Breakfast එකට වදින බෙල් එක වැදුන නිසා හිමින් කෑම කාමරේට බඩගාපු මම ji hung අක්කා ළඟින් වාඩි වුනේ එයාට Good Morning කියන ගමන්....කාලා ඉවර වෙලා ආයිමත කාමරේට ගියපු මම එලාම් එකේ 9.00 ට එලාම් එකක් තියලා ස්කෝලෙන් දුන්න හෝම් වර්ක් කර කර හිටියා..
එලාම් එක මහ හයියෙන් බෙරිහන් දෙද්දි මම හිටියෙ නිදි කිර කිර...ඒකෙ සද්දෙට උඩ ගිහින් මේසෙන් නැගිටලා ගිහින් එලාම් එකත් off කරලා ලෑස්ති වෙන්න පටන් ගත්තෙ අද මනුස්සයෙක් වගේ යන්න ඕනි නිසා...
මම ලෑස්ති වෙලා ඉවර වෙද්දි වෙලාව හරි...
මම දුවලා ගියේ school එකේ ගේට් එක ළඟට..
හිතුවා හරි එයා ඇවිත් ඉන්නවා...මාව දැකපු ගමන් එයා ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා කන්න වගේ බලාගෙන හිටපු නිසා මම එයාට කතා කලේ ඒ බැල්ම මාව අපහසුතාවයට පත් කරපු නිසා...
"J-Jea I"
"අහ්...ම්ම්..ඔව්..කියන්න enu ki"
"අපි යමු නේද?"
"අහ්...මට අමතක උනානේ...අද ඔයා ගොඩක් ලස්සනයි.."
එයා ලස්සනයි කියද්දි මගෙ කම්මුලට ලේ ගලාගෙන එනවා මට හොඳටම දැනුනා...
"woooh....ඔයාට රතු වෙන්නත් පුලුවන්නේ...😅..හරි ඇවිත් පිටි පස්සෙන් නගින්න..."
එයාගෙ බයික් එක වටයක් කරකවන ගමන් වේගෙන් අපි අපේ ගමනාන්තයට ඇදිලා ගියේ මම හයියෙන් Jea I ගෙ ජැකට් එකේ එල්ලිලා නොවැටී ඉන්න උත්සහ කරද්දි...
_______________________________
👀💅හායිම්...
මේ කපේට මේ කතාව ඉවර කන්න වෙන එකක් නෑ වගේ..🙂💔තව දිග හෑල්ලක් තියෙනවනෙ...
YOU ARE READING
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomanceSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022