24.Blind love

78 15 1
                                    

Back to the present

"අහ්...අද තමයි මේ හැම දෙයක්ම ඉවර වෙන්න තියෙන දවස...

මම බැලුවෙ කැලැන්ඩරේ දිහා...

2025.06.04....

ඒ එක්කම මම ළඟම තිබ්බ මේසෙට අත යවලා ඒක උඩ තිබ්බ වෙඩින් කාඩ් එක අතට ගත්තා...

ඒ එක්කම මම ළඟම තිබ්බ මේසෙට අත යවලා ඒක උඩ තිබ්බ වෙඩින් කාඩ් එක අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ කියලා හිතා ගන්න 🙂🧪)

අද තමයි දවස....

මම උදේම ඇහැරිලා ji hungව හොයාගෙන පඩිපෙල බැස්සෙ බොහොම අමාරුවෙන්...මගෙ ශක්තිය දැන් හීන වෙලා ගිහිල්ලා...

"අහ්,බලාගෙන Eun kii පරිස්සමින්..."

මම වැටෙන්න ගිහින් අනූ නමයෙන් බේරුනෙ ළඟ තිබ්බ පුටුවට පින් සිද්ද වෙන්න....

"මැරෙන්න ඉන්න මට මොන පරිස්සම් ද අක්කෙ"

සිහින් සිනහවකින් ji hungට සංග්‍රහ කරපු මම එයාට උයන්න උදව් කලා...

"කෝ පොඩ්ඩා?"

"sung woo එක්ක එලියට ගියා....එයාලා ඉක්මනට එයි..."

"හ්ම්..."

"ඔයා අරකට යනවද?"

මම ji hung එක්ක හිනා වෙලා ඔලුව උඩට පහළට කලේ 'ඔව්' කියන්න...

"අහ්...අනේ මන්දා ඔයත්...ඕකට අපි නොයා ඉමු..."

"ගෙදරටම ඇවිත් දීලා ගියාම යන්නැතුව ඉන්න බෑනේ...කොහොමත් මට ආයෙ මේවට යන්න වෙන්නෑ..."

"හුම් හුම්...එහෙනම් අද තමා ඉන්තිම දවස ඔය Jae I ගෙ දේකට යන..."

මම කියපු එක Ji hungට හරියට තේරුණෙ නැති බව එයා ඊට පස්සෙ කියපු දේ නිසා මට හොඳට තේරුණා...

'ආයෙ යන්න කොහොමත් මම ඉතිරි වෙන්නෙ නැහැ...'

Wash එකක් දාගෙන ආපු මම uni යන්න ලෑස්ති උනේ ජීවිතෙ කෙටි වෙලා තිබ්බත්,අවුරුදු 2ක් තිස්සෙ ඉගෙන ගත්ත තැන අමතක කරන්න බැරි නිසා...

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Where stories live. Discover now