මුහුදට පැනපු කෙනා අර පොඩි ළමයාව අල්ලගෙන වෙරළට අරගෙන ආවා...
ඒ වෙලාවෙයි මම දැක්කෙ ඒ වෙන කවුරුත් නෙමෙයි Jae I කියලා...ඒ පොඩි ළමයව උස්සගෙන ආපු එයා ඒ ළමයව මගෙ අතින් තියලා එතනම බිමින් වාඩි වෙලා හති අරින්න ගත්තා...
ඒ අතරෙ මෙතනට එකා දෙන්නා කට්ටිය එකතු වෙන්න ගත්තෙ ටිකක් මගේ දිහා කන්න වගේ බලාගෙන ඉද්දි, තව ටික දෙනෙක් මට රවාගෙන ඉද්දි...
"තමුන් මොන සිහියෙද හිටියෙ මේ ළමයා මුහුද ළඟට යනකම්?"
"මම 😶?"
"අම්මා කෙනෙක් උනාම ඔයිට වැඩිට වගකීමෙන් වැඩ කරන්න දන්නෙ නැද්ද?"
"පොඩි කාලේම ළමයි හදාගත්තම ඔහොම තමයි"
ඒ පාට වටේම හිටපු උන් මට බනින්න පටන් ගත්තෙ මේ ළමයගෙ අම්මා මම කියලා හිතාගෙන...මමත් ඉතින් මොනා කියලා කරන්නද, කියන ඒවා අහගෙන ඉන්න එක ඇර වෙන දේයක් නැති නිසා මම එයාලා බනින ඒවා අහගෙන හිටියා...
ඒ අතරෙ මගෙ ළඟට දුවගෙන ආපු කෙනෙක් මගෙන් ළමයව අරගෙන මට ආචාර කලේ ඒ ළමයත් ඒ ගෑණු කෙනාගෙ බෙල්ල බදා ගනිද්දි...
"අනේ ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතී මගෙ ළමයා බේරගත්තට..."
හතරට පහට නැමිලා මටයි Jae I ටයි ආචාර කරපු එයා එතනින් ඉක්මනට මාරු උනා...
"තව මොනාද බලන් ඉන්නෙ...ඇයි දැන් බැන්නා මදි වගේද?"
ඒ කටහඬ කාගෙද කියලා දන්න නිසා මම බැලුවෙ වෙරලෙ වාඩි වෙලා හති ඇර ඇර හිටපු Jae I දිහා...
එයාගෙ ඇඟ ගල් පර වගටද කොහෙද සීරිලා තියෙනවා කියලා මම දැක්කෙ ඒ වෙලාවෙ....ඉක්මනට එයා ළඟට දුවගෙන ගිය මම එක එයාගෙ එක අතක් මගේ උරහිස උඩින් දාගෙන එයාව නැගිට්ටෙව්වා...
"දැන් ඔක්කොම යනවලා මෙතනින්, තවත් බලන් ඉන්නෙ නැතුව"
පුලුවන් තරම් හයියෙන් කෑ ගහපු එයා මාව අත ඇරලා හිමින් එයාගෙ ඇදුම් ගලවලා දාපු තැනට ගිහින් ඒ ටිත අහුල ගත්තෙ එතන හිටපු හැමෝම මගෙන් සමාව ඉල්ලද්දි...
හැමෝටම සිහින් හිනාවකින් උත්තර දීලා Jae Iවත් එක්කන් Bathroom එකකට ගියපු මම එයාට නාගෙන එන්න කියලා එලියට වෙලා හිටියා...
YOU ARE READING
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomanceSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022