12.Blind love

78 17 8
                                    

පහුවෙනිදා මම Jae I එක්ක පාර්ක් එකට යන්න කියලා හිතන් school gate එක ළඟට ආවෙ එයාට ඊයෙ, අද දවසෙම එයත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු උන නිසා...

මම එතනට එනකොටත් Jae I එයාගෙ බයික් එකෙන් වාඩි වෙලා phone එක කොට කොට හිටියෙ...

මම ආපු ගමන් එයාගෙ පෝන් එකට එබුනෙ මොනවද මේ කොටන්නෙ කියලා බලාගන්න...

😂💔කොටලා නෑ කැන්ඩි ක්‍රෂ් ගහලා තියෙන්නේ...

එයා බයික් එකෙන් යන්න ලෑස්ති වෙද්දි මම එයාව නැවැත්තුවෙ අපි පයින් යමු කියන්න...

"ඒත් පයින්...ගොඩක් දුරයිනේ"

"කමක් නෑ...අපි අයිස්ක්‍රීම් එකක් කකා පයින් යමු"

මම කියපු දේ අහලා එයා මාත් එක්ක පයින් යන්න එකඟ උණා...

අත් දෙකත් අල්ලගෙන ආර දිගේ අයිස්ක්‍රීම් කකතා ඇවිද්ද අපි අන්තිමට පාක් එකට එද්දි Jae I ටනම් හොඳටම හති...

"අනේ තව චුට්ටයිනෙ තියෙන්නෙ...අපි අතන බංකුවෙන් වාඩි වෙමු..."

"අනේ බබා මෙතන හොඳයි දෙයියනේ..මගේ කකුල්දෙක නෑ වගේ..."

"ඇයි කලින් පයින් ගිහිල්ලම නැද්ද?"

එයා ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න...
මම කලින් ස්කොලේට යද්දි හැමදාම පයින නේද ගියේ කියලා මතක් උනේ ඒ අතරේ...

"මමනම් පොඩි කාලෙ ස්කොලෙ ඇරිලා පයින්මයි ගෙදර ආවේ..."

"ඔව් ඔව්...අර කන්දෙ සපත්තු නැතුව ඔයා එහෙට මෙහෙට දිව්වා කියලා ඔයාලගෙ අම්මා මට කියලා තියෙනවා"

"මේහ්..."

"ඕ බබා..."

"ඔයා කොහොමද මගේ අම්මාවයි තාත්තාවයි දන්නෙ?"

"ම්ම්....මෙහෙමයි,මට ඔයා හම්බුන පලවෙනි දවසෙම ඔයාගෙ නම යාලුවෙක්ගෙන් අහලා දැන ගත්තා...ඊට පස්සෙ පිනාගෙ ඔෆිස් එකට පැනලා ඔයාගෙ ෆයිල් එකෙන් ටිකක් හොයා ගත්තා...
ඊට පස්සෙ තමා ඒ ෆයිල්ස් වල තිබ්බ ව්දියට ඔයාගෙ address එකට ගිහින් බැලුවෙ...
එහෙ හිටියෙ ඔයාගෙ අම්මයි,තාත්තයි විතරයිනේ....එයාලගෙන් ඔයා⁣ ගැන තව විස්තර මම අහ ගත්තා...
ඊට පස්සෙ ඉතින් මාසෙකට සැරයක් මම ඔයාලගෙ ගෙදර ගියා...ඒ ගියපු දවසක තමා ඔයාලගෙ අම්මා ඔයා ගැන කියලා දුක් උනේ...
ගියා ගියාමයි ඒ පැත්ත පලාතෙ ගිහිල්ලත් නෑලුනේ....එක්කෙනෙක්....
ඒකයි එක්කන් ගියේ..."

මම එයා කියවන අතරෙ බලාගෙන හිටියෙ එයාගෙ තොල් හෙල්ලෙන දිහා...

මෙයා මෙච්චර දේවල් කරලත් මට කියුවෙ නෑ එහෙනම්...

එක පාරටම කියවන එක නවත්තලා jae I මගෙ මූනට එබුණ එවෙලාවෙ තමා මම හොඳ සිහියට ආවේ....

"හරි එහෙනම් ඉතින්...මගෙ මුලු ජාතකේම දැනගෙනනෙ ඉන්නෙ...ඒත් මම ඔයා ගැන මොකුත් දන්නෑනේ...කියන්න බැරිද?"

ලොකු,බර හුස්මක් පහලට දාපු Jae I කතා කරන්න ගත්තෙ බොහොම කල කිරීමෙන්...

"මෙහෙමයි...ඔයා දන්නවනෙ මගෙ අම්මයි,තාත්තයි දෙන්නම හෙන සල්ලි තියෙන අය කියලා...

එයාලා ළඟ සල්ලි තිබ්බට ගොඩක් දේවල් නෑ...
වෙලාව,ආද⁣රය...එයාලා දෙන්නා හරියට රොබෝලා වගේ...මට ඕනි හැමදේම දුන්නත් එයාලාට මං වෙනුවෙන් කාලයයි,ආදරයයි දෙන්න බෑ....
ඒක නිසාමයි මම මේ ජීවිතේට හුරු උනේ...වෙන කරන්න දේකුත් නෑනේ....

ඇත්තටම ආදරේ කියන දේ කලින් දැනිලා තිබුනෙ නැති උනාට ඒ හැඟීම මට ඔයා ළඟින් දැනුනා...ගොඩක්..."

අවසාන ටික කියලා බිම බලන් ලාවට හිනා උන jae I කතාව වෙන පැත්තකට හැරෙව්වෙ ළඟ දිබ්බ art shop එකක් පෙන්නලා....

(Art shop එකක් කියුවට ඒක නිකම් Art වලින් හදපු Hotel එකක් වගේ...)

මගෙ අතිනුත් ඇදන් Art shop එකට ගියපු Jae I අපිට Room එකක් වෙනුවට මුලු shop එකම වෙන්කරද්දි මම පුදුමෙන් වගේ එයා දිහා බැලුවෙ මේ මොකද කියලා අහන්න...

"අපි දෙන්නට විතරක් පාඩුවෙ ඉන්නයි ඒම ⁣කලේ...දැන් ඔහොම බලන එක නවත්තන්න"

මම අහන්නත් කලින්ම උත්තර ලැබුණ නිසා Jae I ගෙ පස්සෙන් එයා යන තැනකට යන එක ඇර වෙන කරන්න දේකුත් මට ඉතිරිවෙලා තිබුණෙ නැහැ....

රතු-කලු පාට වලින් සරසලා තිබ්බ ලොකු හෝල් එකක් ඇතුලට ගියපු Jae i මාවත් හෝල් එක ඇතුලට අරගෙන හෝල් එකේ main door එක lock කරලා දැම්මෙ මම පුදුමෙන් එයාගෙ මේ වැඩ දිහා බලාගෙන ඉද්දි...

______________________________________

😌💅හායි පෙන්ස්...

හෙන ලව්ලි කපල් එකක් කඩනවා කියන්නෙත් ඒක වෙනමම ආතල් එකක් නේත...👀💔

𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎Donde viven las historias. Descúbrelo ahora