"ඇයි එහෙම කියන්නෙ?"
"මට බයයි මගෙ අම්මා ඔයාට මොනවා හරි කරයි කියලා.."
"අහ්!දැන් අපි මොකද කරන්නෙ?"
එහෙම අහපු ගමන් Jae I මගේ දිහා බැලුවෙ එයාගෙ නිල් ඇස් දෙක මේක එයා කලින් හිතලා තිබ්බ දෙයක් කියලා මට කියන්න දඟලනවා වගේ දැනෙද්දි....
"මෙහෙම කරමු ,ඔයා Ji hung එක්ක නවතිනවද... මොකද මට ඔයාවත් නැති කර ගන්න බැහැ..."
"හ්ම්...."
"අහන්නකො,මේ ප්‍රශ්න ඉවර වෙච්ච ගමන් අපි එකතු වෙමු හරිද..."
"හ්ම්..."
"හේයි,ඔයා තාම දුකින්ද?"
"නෑ.."
"එහෙනම්?"
"අහ්! මම මෙහෙන්ම ji hungගෙ කැෆේ එක ළඟට දාන්න මම එයාට කියලා එයා එක්ක නවතින්න පුලුවන්ද බලන්නම්..නැත්තම් හොස්ටල් එකේ ඉන්න පුලුවන්නෙ...
ඔයාට පුලුවන්ද මට මගෙ බඩු ටික ගෙනත් දෙන්න?""හරි එහෙනම්, හැම ඉරිදම මේ වෙලාවට අපි මෙතනදි හම්බෙමු හරිද...අනික මේ අවසාන විභාගෙ ඉවර උනාම මම uni යනකම් free නේ..."
"හ්ම්..."
"අයියෝ බබා, දැන් හිනා වෙලා ඉන්න"
"😁හරි...අපි දැන් යමු.."
නටුවෙන් වෙන් කරපු නෙලුම් මල ඔහේ පාවෙලා එහා ඉව්රට ගිහින් තිබ්බ නිසා එතනට වැටෙන්න කියලා නටුවත් එක්කම අනිත් නෙලුමත් විසික් කලත්,ඒක තනි නෙලුමක් උඩට වැටුනා...
ඒක ගැන වැඩිය නොහිතා කැලෑවෙන් එළියට ආපු අපි පන්සල් බිම දිගේ ඇවිදන් යද්දි මෙහෙණින් වහන්සෙ නමක් ඉන්නවා මම දැක්කෙ අහම්බෙන් වගේ..."මේක මෙහෙණි ආරාමයක්ද?"
"ඔව්,මගෙ අක්කත් ඔයා වගෙ බෞද්ධ...එයා හැම වෙලේම වගෙ මාව මෙතනට එක්කගෙන ආවා...
මම මෙහෙ ඉන්න මෙහෙණින් වහන්සෙලා ගොඩක් දන්නවා""Jae I,දරුවො...මේ කවුද එක්කගෙන ඇවිත් තියෙන්නෙ...."
අපි ළඟට ආපු වයස හැටක් විතර වෙන ටිකක් මහලු මෙහෙණින් වහන්සෙ නමක් jae I ගෙන් ඇහුවෙ එයා දෙලොවක් අතර තනිවෙලා වගේ කල්පනා කරන්න ගනිද්දි...
ESTÁS LEYENDO
𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
RomanceSinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022